මුල් පිටුව special ජාතික ගුවන් සේවය සඳහා නව ගුවන් යානා ඇණවුම් කළ යුත්තේ ඇයි?

ජාතික ගුවන් සේවය සඳහා නව ගුවන් යානා ඇණවුම් කළ යුත්තේ ඇයි?

0

ජාතික ගුවන් සේවය සඳහා නව ගුවන් යානා ඇණවුම් කළ යුත්තේ ඇයි ද? යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නිවේදනයක් මගින් නිකුත් කර තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය 2022.04.24 නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

—————————————–

ජාතික ගුවන් සේවය සඳහා නව ගුවන් යානා ඇනවුම් කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම

කොවිඩ් වසංගතයට පෙර ගුවන්යානා 27 විසි හතක් සහිතව විදේශීය රටවල් 60ක ගමනාන්ත 126ක් වෙත සෘජුව හා වක්‍රව ගුවන් ගමන් සිදුකරමින් සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වත්මන් යානා ඇණිය යානා 24 වන අතර පුළුල් බඳ සහිත (wide body aircraft) A330 වර්ගයේ ගුවන් යානා 12 කින් ද, පටු බඳ සහිත (narrow body aircraft) A320 හා A321 වර්ගයේ ගුවන් යානා 12 කින් ද සමන්විතය.

මෙම ගුවන් යානා 24 අතරින් ගුවන් යානා 8ක ධාවන කාල සීමාවන් 2023 වර්ෂයේ ජනවාරි දක්වා ඉදිරි කාලය තුළ අවසන්වීමට නියමිතව ඇත.

ඒ අනුව ඉදිරි වසරක කාලය තුළ ගුවන් සමාගමේ යානා ඇණිය යානා 11 කින් අඩුවනු ඇත. එහෙයින් ජාතික ගුවන් සේවයේ දැනට ප්‍රකාශිත දෛනික ගුවන් ගමන් කාලසටහන් අනුව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා නව ගුවන් යානා ලබා ගැනීම ලබාගැනීම අත්‍යවශ්‍ය වනු ඇත. එමෙන්ම නියමිත කාලසීමාව තුළ යානා ඇණිය නවීකරණය කිරීම අසමත් වුවහොත්,දැනට සීයට දහ හතරකට ආසන්න උපරිම ප්‍රතිශතයක පවත්නා වාර්ෂික ගුවන්යානා නඩත්තු වියදම් ඉහළ යෑමේ අර්බුදයට මුහුණ දීමට ජාතික ගුවන් සේවයට සිදුවනු ඇත.

එමෙන්ම නවීන ගුවන් යානා මගින් මෙහෙයුම් සිදුකරන කලාපීය හා ජාත්‍යන්තර ප්‍රධාන ගුවන් සමාගම් හා තරගකාරීත්වයට මුහුණ දීම ජාතික ගුවන් සේවයට නොහැකිවනු ඇත.

එමෙන්ම සිවිල් ගුවන් සඳහා යොදා ගැනෙන ගැනෙන වාණිජමය ගුවන් යානා කිහිපයක් ගුවන් සමාගමකට එකවර ලබා ගැනීම ක්ෂණිකව සිදු කළ නොහැකි අතර නියමිත කාල සීමාවට පෙර ඇණවුම් කිරීමේදී දැනට වෙළෙඳපොළ පවත්නා අවම මිලට ලබාගැනීමේ වාසි වාසිදායක අවස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හිමි වනු ඇත.

එමඟින් දැනට ගුවන් සමාගම තම වාර්ෂික වියදම් සියයට විස්සක ප්‍රතිශතයක පවත්වාගෙන යන ගුවන්යානා ලීසිං වාරික වියදම් ඒ හා ආසන්න ප්‍රතිශතයක පවත්වා ගනිමින් අවදානම් සහගත නොවන සහනදායී ව්‍යාපාරික අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට කර ගැනීමට සමත් වනු ඇත.

එහෙයින් තවදුරටත් නව ගුවන් යානා ඇනවුණවුම් ප්‍රමාද කිරීම ජාතික ගුවන් සේවයට මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයටද සුභවාදී නොවන අතර මෙම ගුවන් යානා ඇණවුමේදී රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් නොවී ගුවන් සමාගම පූර්ණ වගකීම දැරීම විශේෂයෙන් සැලකිය යුතුය.

එමෙන්ම, ඉතිහාසයේ විවිධ කාලවල අදූරදර්ශී කළමනාකාරීත්වය විසින් විනාශ කළ ජාතික ගුවන් සේවයේ වත්මන් සභාපති අශෝක් පතිරගේ මහතාගේ නායකත්වයෙන් සැලසුම් සහගත ලෙස ව්‍යාපාර ඉලක්කයන්ට අනුව මෙහෙයවීම මෙහෙය වීම හේතුවෙන් වසර ගණනකට පසුව මෙම අභියෝගාත්මක කාලය තුළ වුව ද මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට ගුවන් සමාගම සමත් ව ඇත.

එමෙන්ම,පසුගිය කොවිඩ් වසංගත කාලය තුළ තාම මාසික වැටුප් හා දීමනා පවා ජාතික ගුවන් සේවය වෙනුවෙන් කැප කරමින් කැපකරමින් වසංගත කාලය තුළ තුළ සියයට 25ක් දක්වා අගයකින් තාම මූලික වැටුප් බව ආයතනය වෙනුවෙන් කැප කළ එකම රාජ්‍ය සේවක කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමස්ත කාර්ය මණ්ඩලය බව අභිමානයෙන් යුතුව ප්‍රකාශ කරමු.

එහෙයින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශුද්ධ විදේශ විනිමය උපයා ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය වත්මන් ජාතික ආර්ථික දායකත්වය තවදුරටත් වර්ධනය කිරීම උදෙසා පවත්නා ගුවන් යානා ඇණිය නවීකරණය කිරීම අත්‍යවශ්‍ය බව සියලු පාර්ශවයන් වෙත අවධාරණය කරමු.

වසර ගණනකට පසු ජාතික ආර්ථිකයට බරක් නොවී ජාතික ආර්ථිකයට ධනාත්මක අගයක් එකතු කිරීමට සූදානමින් සිටින මේ මොහොතේ මෙම ගුවන් යානා ලබා ගැනීම ලබාගැනීම අත්‍යවශ්‍ය වනු ඇත.

SLNSS
SriLankan Airlines

—————————————–

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version