තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවුණු මාසයේ විදෙස්ගත ‍ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉහළට

    ගෙවුණු මාසයේ විදෙස්ගත ‍ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉහළට

    විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ විසින් මෙරටට එවන විදේශ ප්‍රේෂණ පසුගිය මාසයේදී තරමක වර්ධනයක් පෙන්වා තිබේ.

    මෙරටට විදේශ මුදල් ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයක් වන්නේ විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ය.

    පෙබරවාරි මාසයේ දී විදෙස්ගතව සිටින මෙරට ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 205 ක්ව තිබුණි.

    එය මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 318 දක්වා වැඩි වී තිබේ.

    මාර්තු මුල සිට ශ්‍රී ලංකා රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව පාවීමට ඉඩහැරීමට මහ බැංකුව තීරණය කිරීමෙන් පසුව මෙම වර්ධනය පෙන්වා තිබේ.

    2021 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට ලද ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 612 කි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img