Home උණුසුම් පුවත් රඹුක්කන සිද්ධියට පොලිස් ලොක්කෝ 3ක් විසිවෙති

රඹුක්කන සිද්ධියට පොලිස් ලොක්කෝ 3ක් විසිවෙති

0
රඹුක්කන සිද්ධියට පොලිස් ලොක්කෝ 3ක්  විසිවෙති

රඹුක්කන සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් වූ විමර්ශන බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා යැයි සඳහන් කරමින් කෑගල්ලේ පොලිස් ලොක්කෝ තිදෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

කෑගල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති රත්න රඹුක්කන ප්‍රදේශයභාර පොලිස් අධිකාරී වික්‍රමනායක සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිංස්ලි හේරත් මහත්වරුන්ට මෙසේ ස්ථානමාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අද සවස 4.30ට නිකුත්කර ඇති එම නිවේදනයේ සඳහන් වන්නේ මෙම නිලධාරීන් තිදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රදේශයෙන් පිටතට ස්ථාන මාරුවීම් සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බවය. එහෙත් එම නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදුන්නේ කුමන ස්ථානවලටදැයි එහි සඳහන් නැත.

පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ ඔවුන් තිදෙනා ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරුකර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here