Home උණුසුම් පුවත් ඔක්තෝබර් තෙක් විදුලිය නිපදවන්න තොග සූදානම් – විදුලිබල ඇමති

ඔක්තෝබර් තෙක් විදුලිය නිපදවන්න තොග සූදානම් – විදුලිබල ඇමති

ඔක්තෝබර් තෙක් විදුලිය නිපදවන්න තොග සූදානම් – විදුලිබල ඇමති

යාත්‍රා දෙකක ගල් අඟුරු ගොඩබෑම ආරම්භ කිරීමත් සමඟ දැනට පවතින තොග ඇතුළත්ව ලබන ඔක්තෝබර් දක්වා මෙගාවොට් 810ක් මුළුමනින්ම විදුලිය නිපදවීමට ප්‍රමාණවත් වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 38ක් ගෙවීමෙන් පසු ගල් අඟුරු මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් යාත්‍රා දෙකක් ගොඩබෑම ආරම්භ කර ඇති බවය.

මෙම යාත්‍රා 2 සමඟ මෝසම් කාල සීමාවට පෙර ගල් අඟුරු අවශ්‍යතාවය සම්පූර්ණ වන බව ද ඔහු අවධාරණය කළේය.

තවද ජෙට් ඉන්ධන තොගයක් සහ ඩීසල් තොගයක් ගොඩබෑම ද ආරම්භ වූ බව ද අමාත්‍යවරයා කීය.

මෙම තොග අතැතිව සහ යාත්‍රා දෙක ගොඩබෑමෙන් ඔක්තෝබර් මාසය දක්වා මෙගාවොට් 810 සම්පූර්ණයෙන් ධාවනය කිරීමට ප්‍රමාණවත් වන බව හෙතෙම කියාසිටී.

මෝසම් වැසි හේතුවෙන් බලාගාරය වෙත ගල් අඟුරු ප්‍රවාහනය කළ හැකි එකම කාලය සැප්තැම්බර් සිට මැයි දක්වා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here