තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්රඹුක්කන විරෝධතාකරුවන් විසුරුවන්න පොලීසිය වෙඩි තියලා - 4ක් රෝහලේ

    රඹුක්කන විරෝධතාකරුවන් විසුරුවන්න පොලීසිය වෙඩි තියලා – 4ක් රෝහලේ

    රඹුක්කන නගරයේ දුම්රිය මාර්ගය සහ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද අලුයම සිට පැවති විරෝධතාවය විසුරුවා හැරීමට අද සවස පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අතරතුර කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    ඔවුන් අතර සිටින ඇතැමුන්ගේ තත්ත්වය අයහපත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

    පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේ ඉන්ධන දුම්රියක් ගමන් කිරීමට නියමිතව තිබූ බැවින් දුම්රිය මාර්ගය අදාල දුම්රියට ධාවනය කිරීමට හැකිවන පරිදි ජනතාව ඉවත් කර දෙන ලෙස පොලිසියෙන් කළ ඉල්ලීමකට අනුව පොලිස්පති වරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව එම උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට අවසර ලබාගෙන ඇති බවයි.

    පොලිස්පති අනතුරුව ඒ බව සබරගමුව පළාත් භාර පොලිස් ප්‍රධානීන් දැනුවත් කොට එම උද්ඝෝෂණය විසුරුවා හැරීමට කදුලු ගෑස් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට අවසර ලබා දී තිබේ නමුත් උද්ඝෝෂණය විසුරුවා හැරීමේදී පොලීසිය විසින් සජීවී වෙඩි පාවිච්චි කිරීම නිසා පුද්ගලයින් තුවාල ලබා ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා විශේෂ ප්‍රකාශයක් අද සවස නිකුත් කරනු ලැබීය කරණු ලැබීය එම ප්‍රකාශය මෙසේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img