තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන ඉල්ලමින් තැන තැන විරෝධතා

    ඉන්ධන ඉල්ලමින් තැන තැන විරෝධතා

    ඉන්ධන ඉල්ලමින් අද උදෑසන සිට ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල විරෝධතා පැවැත්වේ.

    රඹුක්කන නගරයේ අද උදෑසන රියදුරන් පිරිසක් විරෝධතාවයේ නිරතව සිටියේ මිල වැඩිකිරීම කල්තියා දැන රඹුක්කන පිහිටි ඉන්ධන පිරිවුම්හල ඉන්ධන සඟවාගෙන සිට ඇති බවට චෝදනා නගමිනි. පොලීසිය එහිදී විරෝධයට එක්වූ කිහිප දෙනෙකුට ඉන්ධන හලේ භූගත ඉන්ධන ටැංකි පරීක්ෂා කර ඇති අතර එහි ඉන්ධන තිබී නැත. එහෙත් රියදුරන් ඒ සම්බන්ධයෙන් චෝදනා කර ඇත්තේ මිල වැඩිවීම මුල්කරගෙන ඊයේ දිනයේ ඉන්ධන බෙදා හැරීමක් කර නොමැති බවය.

    කෙසේ වෙතත් රියදුරන් රඹුක්කන නගරයේ මාර්ග අවහිර වන ආකාරයෙට විරෝධතාවයේ නිරතවූ බව පොලීසිය කියයි. දුම්රිය හරස් මාර්ගයද අවහිර වීම් හේතුවෙන් දුම්රිය ධාවනයටද යම් බාධා මතුවූ බව පොලීසිය සඳහන් කළේය.

    මහනුවර දිගන පිහිටි ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේද අද උදෑසන විරෝධතාවක් ඇති විය. ඒ ඉන්ධන නොමැති බව සඳහන් කරමිනි. ඒ හේතුව නිසා මහනුවර – මහියංගනය මාර්ගයේ රථ වාහන තදබදයක් ඇති විය.

    මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව පෞද්ගලික බස් සේවකයින් පිරිසක් හලාවත කාක්කපල්ලිය ප්‍රදේශයේ අද උදෑසන කළ විරෝධයක් හේතුවෙන් හලාවත- කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා මතුව තිබුණු බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img