Home උණුසුම් පුවත් ශාන්ත බණ්ඩාරගේ තීරණයට ශ්‍රීලනිප විරෝධය

ශාන්ත බණ්ඩාරගේ තීරණයට ශ්‍රීලනිප විරෝධය

ශාන්ත බණ්ඩාරගේ තීරණයට ශ්‍රීලනිප විරෝධය

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබියදී ශාන්ත බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම අනුමත නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ රාජ්‍ය අමාත්‍යධූරයෙ දිව්රුම් දීමෙන් ශාන්ත බණ්ඩාර පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දුන් බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද ජනාධිපතිතුමා ඉදිර්යේ දිවුරුම් දුනි.

මීට පෙර එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලැබුවේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here