මුල් පිටුව විදේශීය පුවත් රුසියාව තනි නොකරන ඉන්දියාව

රුසියාව තනි නොකරන ඉන්දියාව

0

රුසියාව සමඟ පවත්නා සම්බන්ධතා තවදුරටත් ස්ථාවර කරගැනීමටත් ද්වීපාර්ශවීය වෙළදාම්වලට අදාල ගෙවීම් කීරීමේ නව ක්‍රමයක් සකස් කිරීමටත් කටයුතු කරමින් සිටින බව ඉන්දිය විදේශ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව රුසියාව සමඟ ද්වීපාර්ශවීය සම්බන්ධතා ස්ථාවර කරගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවද ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක අරිඩාම් බාග්චි ප්‍රකාශ කර ඇත.

“අපිට දැනටමත් රුසියාව සමඟ යහපත් සම්බන්ධතාවක් තිබෙනවා. ඒ සම්බන්ධතාව අපි තවදුරටත් ස්ථායි කරගැනීමටයි අවධානය යොමුකර තිබෙන්නෙ. මේවන විට යුක්‍රේනය හේතුකොටගෙන මතුව ඇති තත්ත්වයක් සමඟම අපේ ආර්ථික සම්බන්ධතව ස්ථාවරව පවත්වාගෙන යාමට දෙරටම උත්සාහ කරමිනුයි සිටින්නෙ.” යනුවෙන්ද ඔහු පවසා තිබේ.

ඉන්දියාව සහ රුසියාව අතර දිගු කාලයක සිට ඉතා ශක්තිමත් සම්බන්ධතාවක් පැවති අතර දෙර විසින්ම සියට යුද ශක්තිය වර්ධනය කරගැනීමට ඉතා සමීපව කටයුතු කරනු ලැබීය.

රුසියාවට ආර්ථික සම්බාධක පැනවීමට පෙර ඉන්දියාව එරටින් ඉන්ධන ආනයනය ඉතා අවම වශයෙන් සිදුකළද සම්බාධක වලින් අනතුරුව ඉතා විශාල වශයෙන් සහන මිලට ඉන්ධන ලබා ගැනීමට ඉන්දියාව පියවර ගනු ලැබීය.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version