Home විදේශීය පුවත් GOSSIP කම්මුල් පාර නිසා විල් ස්මිත්ට වසර 10ක් ඔස්කාර් තහනම්

කම්මුල් පාර නිසා විල් ස්මිත්ට වසර 10ක් ඔස්කාර් තහනම්

කම්මුල් පාර නිසා විල් ස්මිත්ට වසර 10ක් ඔස්කාර් තහනම්

මෙවර ඔස්කාර් උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලද අමෙරිකානු නළුවකු වන විල් ස්මිත්ට ඉදිරි වසර 10 සඳහා ඔස්කාර් උළෙල සහ අනෙකුත් ඇකඩමි උත්සව තහනම් කර තිබේ.

ඊට හේතුවී ඇත්තේ පසුගියදා පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී විකට ශිල්පියකු වන ක්‍රිස් රොක් විසින් විල් ස්මිත්ගේ බිරිඳගේ කෙටි හිසකේවලට වේදිකාවේදී කළ විහිළුවකට කුපිත වූ විල් ස්මිත් වේදිකාවට ගොස් ඔහුට පහරදීමයි.

රෝගී තත්වයක ප්‍රතිඵලයක් වූ තම බිරිඳගේ ඉතා කෙටිව කපන ලද හිසකේ ගැන විහිළු කිරීම නිසා විල් ස්මිත් මෙලෙස කුපිත වී රොක්ට පහර දුන්නේය.

පහර දීමෙන් පසු ඇකඩමිය පැවසුවේ 94 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ “විල් ස්මිත් මහතා වේදිකාවේදී කිසිසේත් අපිට පිළිගත නොහැකි හා හානිකර හැසිරීම්වලින් කටයුතු කළ බව” ය.

පහරදීමෙන් පැයකට අඩු කාලයක් තුළ ඔහුට සම්මානය හිමිවූ නමුත් එහිදී ස්මිත් ඔහුගේ ක්‍රියාවට සමාව ඉල්ලා සිටියේය. පසුව ඇකඩමියෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු ටෙනිස් තරු වන වීනස් සහ සෙරීනා විලියම්ස්ගේ පියා ලෙස රඟපෑ ‘කිං රිචඩ්’ චිත්‍රපටයේ ඔහුගේ චරිතය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය හිමි විය.

සම්මාන උළෙල සංවිධානය කරන ඇකඩමි ඔෆ් මෝෂන් පික්චර් ආර්ට්ස් ඇන්ඩ් සයන්ස්, විනය ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට රැස්විය.

එහි ප්‍රකාශනය මගින් කියා සිටියේ ස්මිත්ට තහනමක් පැනවීම රංගන ශිල්පීන් සහ අමුත්තන් ආරක්ෂා කිරීම සහ “ඇකඩමිය කෙරෙහි විශ්වාසය යළි ඇති කිරීම” අරමුණු කරගත් බවයි.

‘පෙර නොවූ විරූ දේ සඳහා අප සූදානම් නැත.’ යනුවෙන් පවසන ඇකඩමි ප්‍රකාශනයේ තවදුරටත් පවසා තිබුණේ ‘අසාමාන්‍ය තත්වයන් යටතේ වුවද තම සන්සුන් භාවය පවත්වා ගැනීම’ පිළිබඳ රොක්ට රොක්ට ස්තූතිවන්ත වන බවය.

කෙසේවෙතත් ස්මිත්ගේ ඉල්ලා අස්වීමෙන් අදහස් වන්නේ ඔහුට අනාගත ඔස්කාර් සම්මාන ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇකඩමියේ විනය සමාලෝචන කටයුතු, මුලින් අප්‍රේල් 18 ට සැලසුම් කර තිබූ අතර, ස්මිත් ඉල්ලා අස්වීමෙන් පසු ක්‍රියාවලිය වේගවත් විය.

ඔස්කාර් සම්මාන වේදිකාවේ යකා නැටූ වසරේ හොඳම නළුවා

විල් ස්මිත් සහ බිරිඳ ජේඩා පින්කට්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here