ජාත්‍යන්තර තරගවලදී බුකීකරුවන්ගේ අවශ්‍යතා මත ගාල්ල ක්‍රීකට් ක්‍රීඩාංගනයේ විකට්ටු එක් එක් කණ්ඩායම්වලට වාසි සහගත ලෙස සකස් කරදී තරග පාවාදීමක් සිදුවන බවට 2018 වසරේදී අල්ජසීරා නාලිකාව විසින් හෙළිදරව් කළ වැඩසටහනේ සංස්කරණය නොකළ දර්ශන ලබාගැනීමට ක්‍රීඩා වැරදි විමර්ශන පොලිස් ඒකකය තීරණය කර තිබේ.
ඒ තරග පාවාදීම්වලට සම්බන්ධ යැයි අල්ජසීරා නාලිකාව විසින් නම් කළ, ගාල්ල ක්‍රීඩාංගනයේ තණතිල්ල භාර නිලධාරියා ඇතුළු 06 දෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදි හෙළිවූ කරුණු තහවුරු කරගැනීමට ය.
ඒ වන විට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරට සංචාරයක නිරතවීමට සූදානමින් සිටි බවත් තරග පාවාදීමකට යෝජනා කරමින් තමා ඒ් සදහා පෙළඹවීමට උත්සහගත්තේ අල් ජසීරා නාලිකාවේ මාධ්‍ය කණ්ඩායමේ පිරිසක් බවත් ඒ අය ප්‍රශ්න කිරීමේදී පවසා ඇතැයිද මේ පිළිබඳ විමර්ශන පවත්වන ක්‍රීඩා වැරදි විමර්ශන පොලිස් ඒකකයේ එම විමර්ශනය භාර උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.
විකට්ටුව සහ එහි හැසිරීම ඇතුළු ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් තොරතුරු විමසමින් සිටින අතරතුර ඒ අය තරග පාවාදීම් ගැන කථාබහ කළ බවත් ඊට තමන් ඒ අයට දැක්වූ ප්‍රතිචාර නාලිකාවේ විකාශය වූ වැඩසටහනේ නොවූ බවත් ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පැවසූ බවද එම නිලධාරියා සදහන් කළේය.
ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස් ඒකකය මෙම තරග පාවාදීමේ චෝදනාව එල්ල කරන අල්ජසීරා වාර්තා වැඩසටහන සියුම් විමර්ශනයකට ලක් කිරීමේදී ද පෙනී ගොස් ඇත්තේ සංස්කරණය කළ දර්ශන රාශියක් එක්කරමින් එම වැඩසටහන සකස්කර ඇති බවකි.
පැහැදිලිවම එහි තරග පාවාදීමක් ගැන කරුණු හෙළීනොවන බවද එහිදී පොලිස් විමර්ශකයන්ට පෙනී ගොස් ඇත.
මේ අනුව සැබෑ තත්වය තවදුරටත් තහවුරුකර ගැනීමට අල්ජසීරා නාලිකාව මගින් විකාශය කළ එම වැඩසටහනට අදාල සංස්කරණය නොකල දර්ශනවල අවශ්‍යතාව මතුවී තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුල අල්ජසීරා නාලිකාවෙන් එම තරගපාවාදීමට අදාල සංස්කරණය නොකල දර්ශන ඉල්ලා සිටින බව එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.