Home විදේශීය පුවත් GOSSIP ඔස්කාර් සම්මාන වේදිකාවේ යකා නැටූ වසරේ හොඳම නළුවා

ඔස්කාර් සම්මාන වේදිකාවේ යකා නැටූ වසරේ හොඳම නළුවා

ඔස්කාර් සම්මාන වේදිකාවේ යකා නැටූ වසරේ හොඳම නළුවා

සිය රංගන ජීවිතයේ පළමු ඔස්කාර් සම්මානය අද දිනාගත් විල් ස්මිත් ඔස්කාර් උළෙලේ වේදිකාවේදී විකට නළු ක්‍රිස් රොක්ගේ මුහුණට දමා ගැසූ වීඩියෝව සමාජ ජාල තුළ වෛරසයක් මෙත් පැතිරෙමින් තිබේ.

විල් ස්මිත් මෙලෙස ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණේ ඔහුගේ බිරිඳ වන ජේඩා පින්කට් ස්මිත් ගැන වේදිකාවේ කෙටි හාස්‍යෝත්පාදක කතාවක නිරත වෙමින් සිටි ක්‍රිස් රොක් විහිළුවක් කිරීමෙන් පසුවය.

ක්‍රිස් රොක් ඇමරිකානු නැගී එන විකට නළුවෙක්, නළුවෙක්, ලේඛකයෙක්, නිෂ්පාදකයෙක් සහ අධ්‍යක්ෂකවරයෙකි.

‘ජේඩාට, GI Jane 2 එනකම් ඉන්න බෑ,’ ඔහු කීවේ, ඇගේ ඉතාම කෙටි ආකාරයෙන් කපන ලද හිසකෙස් ගැන හුවා දක්වන ඇඟවීමක් කරමිනි.

විල් ස්මිත්ගේ බිරිඳ රෝගී තත්වයක ප්‍රතිඵලයක් ලෙස හිසකේ ගැලවීයාමේ තත්ත්වයකට මුහුණ පා සිටී.

ස්මිත් වේදිකාවට ගොස් රොක්ගේ මූණට අතුල් පහරක් දී ඔහුගේ අසුන වෙත ආපසු ගොස් හිඳගත්තේ අසැබි වචනයෙන් ද කෑගසමිනි. ‘උඹේ *** කටින් මගේ බිරිඳගේ නම කියවන එක නවත්තපන්’ යැයි ස්මිත් මහ හඬින් කෑගැසුවේය.

මෙම සිදුවීම ඔස්කාර් සජීවීව විකාශය වූ සියලු මාධ්‍යයන් ඔස්සේ විකාශය වූයේ මෙය තිර පිටපතකට අනුව සිදුවූවක්ද නැද්ද යන්න පිළිබඳ ප්‍රේක්ෂකයන්ට සිතා ගත නොහැකි තත්ත්වයකට පත්කරමිනි.

පසුව වසරේ හොඳම චිත්‍රපටය ලෙස කෝඩා චිත්‍රපටයටත් හොඳම නළුවා ලෙස පිදුම් ලබමින් කිං රිචඩ්හි රඟපෑ විල් ස්මිත් සම්මානය ලබා ඔහු වේදිකාවේදී සමාව ඉල්ලා සිටියේය.

‘මට ඇකඩමියෙන් සමාව ගන්න ඕන. මගේ සෙසු නිර්දේශිත නම් සඳහන් අයගෙන් මට සමාව ගැනීමට අවශ්‍යයි,’ ඔහු කඳුළු සලමින් හොඳම ස්තුති කතාව අතරතුර පැවසීය.

‘කලාව අනුකරණය කරන්නේ ජීවිතයයි. රිචඩ් විලියම්ස් ගැන කිව්වා වගේම මම පිස්සු තාත්තා වගේ. නමුත් ආදරය ඔබව පිස්සු වැඩ කරන්න පොළඹවනවා” විල් ස්මිත් කීය.

කෙසේවෙතත් මේ පිළිබඳ රොක් ‘පොලිස් වාර්තාවක් ගොනු කිරීම ප්‍රතික්ෂේප කළ’ බව ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව පසුව ප්‍රකාශ කර ඇත.

ඔස්කාර් සම්මාන උළෙල සංවිධානය කරන චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමිය ට්වීට් කළේ ‘කිසිම ආකාරයක ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන බවයි. ‘.

විල් ස්මිත් සහ බිරිඳ ජේඩා පින්කට්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here