Home උණුසුම් පුවත් IPL ක්‍රිකට් වසන්තය ඇරඹේ

IPL ක්‍රිකට් වසන්තය ඇරඹේ

IPL ක්‍රිකට් වසන්තය ඇරඹේ

2022 ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී අද ආරම්භ වෙයි.

තරගාවලිය ආරම්භ කරමින් චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට්රයිඩස් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතය.

මහේන්ද්‍ර සිං දෝනි චෙන්නායි සුපර් කිංස් නායකත්වයෙන් ඉවත් වූ පසු අද දිනයේ දී චෙන්නායි කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ රවීන්ද්‍ර ජඩේජායි.

මේ අතර කොල්කටා කණ්ඩායමේ නායකත්වය ශ්‍රේයර්ස් අයියර්ට හිමිවි තිබේ.

රොබින් උත්තාපා, රුත්රාජ් ගයික්වද් අද චෙන්නායි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස තරග කරනු ඇත.

එමෙන්ම වෙන්කටේශ් අයියර් සහ අජින් කේ රොහානි කොල්කටා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රිඩා කිරීමට නියමිතයි

තරගය ශ්‍රී ලංකා වේලාවවෙන් අද රාත්‍රි 7.30ට ඇරඹේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here