Home උණුසුම් පුවත් සර්ව පාක්ෂික සමුළුව අද – පක්ෂ ගණනාවක් වර්ජනයේ

සර්ව පාක්ෂික සමුළුව අද – පක්ෂ ගණනාවක් වර්ජනයේ

සර්ව පාක්ෂික සමුළුව අද – පක්ෂ ගණනාවක් වර්ජනයේ

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සියලු පක්ෂ කැඳවා සාකච්ඡා කිරීමේ සර්ව පාක්ෂික සමුළුව අද (23) පැවැත්විමට නියමිතයි.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පසුගියදා ජනාධිපතිවරයාගෙන් කල ඉල්ලීමකට අනුව ය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව අද පැවැත්වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන මහජන පක්ෂය හා තවත් පක්ෂ කිහිපයක් සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ වාසුදේව නානායක්කාර යන පක්ෂ නායකයින් ද මේ සඳහා සහභාගී නොවේ.

ඔවුන් ඇතුළු පක්ෂ 11 ක් නියෝජනය කරමින් දෙදෙනෙක් සහභාගී වන බව සඳහන් ය.

සර්ව පාක්ෂික සමුළුව සහභාගී නොවන බව දන්වා ඇත්තේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, කම්කරු කොංග්‍රසය, දෙමළ ජනතා ජාතික සන්ධානය යන පක්ෂ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here