කොළඹ ඔරුගොඩවත්තේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට භූමිතෙල් ලබාගැනීමේ අදහසින් පෝලිමේ රැදී සිටි පිරිසක් බේස්ලයින් මාර්ගය අවහිරකර මේ වන විට උද්ඝෝෂණයක් ආරම්භකර තිබේ.
ඒ භූමිතෙල් ඉල්ලාය.
මෙම විරෝධතාවය හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ ඔරුගොඩවත්ත මංසන්දියෙන් කොළඹට ඇතුළුවන මංතීරුව අවහිර වී ඇත.
මෙම ඉන්ධන පිරවුම්හලේ දෛනිකව භූමිතෙල් අපේක්ෂාවෙන් දිගු පොලිම්වල ජනතාව රැදී සිටිනු දකින්නට ලැබීම මේ දිනවල සුලභ දසුනකි. මෙහි පෝලිම්වල රැදී සිටින වැඩි පිරිසක් තට්ටුනිවාස සංකීර්ණවල සහ වතු ආශ්‍රිත පදිංචිකරුවන්ය. ගෑස් නොමැතිකමින් ඒම වැසියන් විකල්පයක් ලෙස භූමිතෙල් උදුන් භාවිතා කරන අතර භූමිතෙල් පෝලිම්වල රැදී සිටින්නේ සිය උඳුන්වලට අවශ්‍ය භූමිතෙල් ලබාගැනීමටය.