2022 නිකුත් වූ ලෝක සතුට වාර්තාවේ ශ්‍රී ලංකාවට 126 වන ස්ථානය හිමිව තිබේ.
2021 වසරේදී ලොව සතුටින්ම සිටි රටවල් තෝරාගැනීම සඳහා මෙවර රටවල් 146ක විස්තර යාවත්කාලීන කර තිබේ.
ලෝක සතුට වාර්තාවේ 2018-2020 වසර තුනක කාලය තුළ ශ්‍රී ලංකාව අංක 129 ස්ථානයේ නොසෙල්වී රැඳී සිට තිබුණි.
ඒ අනුව මෙවරදී ශ්‍රී ලංකාව ස්ථාන 3කින් ඉදිරියට පැමිණ ඇත.
කෙසේවෙතත් මෙම වාර්තාට අනුව ලොව අසතුටින්ම සිටින රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව සිටී.
ෆින්ලන්තය පිට පිටම සිව්වන වසර සඳහාත් මෙවර සමස්ත ලකුණු 7.842 සමඟින් සතුටින්ම සිටින රටවල් අතර ඉහළම ගෞරවය ලබා ගෙන සිටී.
ඊළඟට ලොව සතුටින්ම සිටින රටවල් වන්නේ පිළිවෙලින් ඩෙන්මාර්කය (7.620), ස්විට්සර්ලන්තය (7.571), අයිස්ලන්තය (7.554), නෙදර්ලන්තය (7.464), නෝර්වේ (7.392) ), සහ ස්වීඩනය (7.363) යන රටවල් ය.
ලොව දුක්ඛිතම රාජ්‍යය වන්නේ ඇෆ්ගනිස්තානයයි.
2002 වසරේ සිට ආරම්භ වූ මෙම ලෝක සතුට වාර්තාවේ මෙවර වාර්තාව එහි 10 වැනි සැමරුම් වාර්තාවක් ලෙස නිකුත් කිරීමද විශේෂත්වයකි.
ලෝක සතුට වාර්තාව ලොව සතුටින්ම සිටින රටවල් නිර්ණය කිරීම සඳහා සංඛ්‍යානමය විශ්ලේෂණයක් භාවිතා කර ඇත.
World Happiness Report යනු Gallup World Poll මගින් බල ගැන්වෙන තිරසාර සංවර්ධන විසඳුම් ජාලයේ ප්රකාශනයකි.
ඒ සඳහා, පර්යේෂකයන් විසින් රටවල් 149 ක Gallup ලෝක ඡන්දයෙන් පුළුල් ලෙස, දත්ත විශ්ලේෂණය කර, විශේෂිත කාණ්ඩ හයක් ඔස්සේ සතුට පිළිබඳ නිරීක්ෂණය කරන ලදී.
Gallup ලෝක ඡන්දය යනුවෙන් හැඳින්වෙන්නේ ලෝකයේ වඩාත් පුළුල්තම රටවල් පිළිබඳ සමීක්ෂණයයි.
ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, තම ජීවන තේරීම් කිරීමට ඇති නිදහස , සාමාන්‍ය ජනතාවගේ ත්‍යාගශීලීභාවය සහ අභ්‍යන්තර හා බාහිර දූෂණ මට්ටම් පිළිබඳ අවබෝධය පිළිබඳ මෙහිදී සළකා බැලේ.
ලොව සතුටින්ම සිටින රටවල් පිළිවෙලින්
ලොව දුකින්ම සිටින රටවල් පිළිවෙලින්