තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සිංහලේ අපි සභාපති ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට

    සිංහලේ අපි සභාපති ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට

    කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන්ගත් උද්ඝෝෂණ පෙළපාලියකට ආරක්ෂාව සපයමින් තිබුණු පොලිස් ජිප් රථයකට ගල් ප්‍රහාාරයක් එල්ලවීමක් සම්බන්ධයෙන් සැකපිට සිංහලේ අපි සංවිධානයේ සභාපති ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි සහ තවත් අයෙක් කොටුව පොලීසිය අද (08) අත්අඩංගුවට ගත්තේය.

    පොලීසියේ සුමෝ ජිප් රථයේ වීදුරුවලට එම ගල් ප්‍රහාරයෙන් හානි සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතා සදහන් කළේය.

    මෙම උද්ඝෝෂණ පෙළපාලියට සම්බන්ධවී සිටියේ යුද්ධයෙන් මිය ගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ය. එම උද්ඝෝෂණ පෙළපාලියට නායකත්වය දී ඇතැයි සදහන් වන්නේ ජඹුරේවෙළ චන්ද්‍රරතන, අක්මීමන දයාරතන හිමිවරුන්ය.

    රණවිරු බිරින්දෑවරුන්ට සිය ජීවිත කාලය පුරාම සැමියාට ලැබුණු වැටුප ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන මෙම උද්ඝෝෂණය සංවිධානය වී තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කරනු ලැබුවේ ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි සහ තවත් අයෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ අයුතු ජනරාශියත සාමාජිකයෙක්වීමේ චෝදනාවට අනුව බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img