තවත්
    මුල් පිටුවspecialචීනයෙන්, මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ පුළුල් ප්‍රකාශයක් ජගත් මානව හිමිකම් කවුන්සිලයට

    චීනයෙන්, මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ පුළුල් ප්‍රකාශයක් ජගත් මානව හිමිකම් කවුන්සිලයට

    චීනය, “ මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම”තේමාවෙන් යුතුව, මානව හිමිකම් යෝජනා පිළිබඳ පුළුල් ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරයි.  ජිනීවා හි එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Chen Xu මහතා විසින් මෙය ඉදිරිපත් කරනු ලැබුවේ, ඉකුත් 16වැනිදා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරයේදී ය.
    සියලු රටවල් තම ජාතික තත්ත්ව සහ ජනතා අවශ්‍යතා අනුව, ආර්ථික, දේශපාලන, සමාජයීය, සංස්කෘතික හා පාරිසරික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කර, සර්ව සම්පූර්ණ පොදුජන සංවර්ධනය සාක්ෂාත් කළ යුතු බව මෙම ප්‍රකාශයෙන් අවධාරණය කෙරිණ.

    මානව හිමිකම් භුක්ති විඳීමේ පදනම සැකසෙන්නේ සංවර්ධනය තුළින් බව Chen Xu මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ශක්තිමත්, හරිත හා උසස් මට්ටමේ ගෝලීය සංවර්ධනයක් අපේක්ෂා කරන චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගෝලීය සංවර්ධන මුලපිරීම යෝජනා කර තිබේ. මෙය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රවර්ධනයට චීනය හඳුන්වා දුන් තවත් පොදු ප්‍රයත්නයකි. මෙය ක්‍රියාවට නැංවීම සඳහා සියලු රටවල් සමඟ එක්වීමට චීනය අපේක්ෂා කරන බව ද Chen Xu මහතා පවසයි. 

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img