Home දේශීය පුවත් උණුසුම් පුවත් ඩුබායි පාතාලයේ මත්කුඩු ජාවාරමාගේ මිලියන 490 බැංකු ගිණුමක් සොයාගනී

ඩුබායි පාතාලයේ මත්කුඩු ජාවාරමාගේ මිලියන 490 බැංකු ගිණුමක් සොයාගනී

0
ඩුබායි පාතාලයේ මත්කුඩු ජාවාරමාගේ මිලියන  490 බැංකු ගිණුමක් සොයාගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාට වෙඩි තබා ඝාතනය කර ඩුබායි පැන සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ඡාවාරම්කරුවෙක් වන ධර්මසිරි පෙරේරා නොහොත් ඇල්ටො ධර්මේමේ නැත්තාගේ රුපියල් මිලියන 490 ක කළු සල්ලි තැන්පත්කර තිබුණු බැංකු ගිණුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.

එම ගිණුමේ හිමිකරුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව කළ පරීක්ෂණ වලින් එම ගිණුමෙන් රුපියල් මිලියන 136 ක මුදලක් හුවමාරුවූ තවත් ගිණුමක තොරතුරු හෙළිවී ඇත. ඒ අනුව එම ගිණුම් හිමියාව ඊයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතින් එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ධර්මාරාම පාරේ පදිංචිකරුවෙක් වන 27 වියැති තරුණයෙකි.

ඇල්ටෝ ධර්මේ නැමැත්තාට එරෛහිව ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක්ද නිකුත්කර ඇත. මෙයට මාස තුනකට පෙර ඔහුව අබුඩාබිහීදී එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තද පසුව නිදහස්කර යවා තිබුනේ රතු වරෙන්තුවට අනුව මෙරටට භාරදීමක් නොකරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here