Home උණුසුම් පුවත් ගෑස් බෙදීම නවතී! – පෝලිම් නොසන්සුන් වෙයි

ගෑස් බෙදීම නවතී! – පෝලිම් නොසන්සුන් වෙයි

ගෑස් බෙදීම නවතී! – පෝලිම් නොසන්සුන් වෙයි

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් අද සිට ගෘහස්ත ගෑස් බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ පවතින ඩොලර් අර්බුදය නිසා ඔවුන්ට ප්‍රමාණවත් ගෑස් තොග නොලැබීම හේතුවෙනි.

කෙසේ වුවත් අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ගෑස් සීමිත වශයෙන් සපයන බව ලිට්‍රෝ සමාගම සඳහන් කර සිටී.

මේ අතර ගෑස් සිලින්ඩර් මිලදී ගැනීමට පැමිණි පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් හෝමාගම නගරයෙන් හයිලෙවල් මාර්ගය අවහිර වී තිබේ.

දින ගණනාවක සිට මෙම ස්ථා‍නයේ ගෑස් පෝලිම් දක්නට හැකිවූ අතර ඊයේ දිනයේද එහි අධික මාර්ග තදබදයක් පැවතුණේ මාර්ගයේ අනෙක් පසින් කොට්ටාව, නුගේගොඩ දෙසට තැනින් තැන දිගටම කිලෝමීටර් ගණනින් තිබූ තෙල් පෝලිම් ද සහිතවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here