තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එංගලන්තයට ඇතුළුවෙද්දී කොවිඩ් සීමා ඉවතට

    එංගලන්තයට ඇතුළුවෙද්දී කොවිඩ් සීමා ඉවතට

    එක්සත් රාජධානියට පැමිණෙන සියලුම සංචාරකයන් සඳහා මගී ස්ථානගත කිරීමේ පෝරමය සහ පැමිණීමේදී සිදුකරන කොවිඩ් පරීක්ෂණ ඇතුළුව ඉතිරිව ඇති සියලුම COVID සංචාරක පියවරයන් ලබන 18 වැනිදා සිට අවසන් කරන බව එරට රජය පවසයි.

    එංගලන්තයේ ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් පවසන්නේ ලබන 18 වැනිදා අලුයම 4 සිට එක්සත් රාජධානියට පැමිණෙන ඕනෑම කෙනෙකුට පෙර පැවති කිසිදු කොවිඩ් නීතිරීතිවලට අනුකූල වීමට අවශ්‍ය නොවන බවයි.

    ඔහු ට්වීට් කරමින් පවසන්නේ ‘අපගේ එන්නත් නිකුත් කිරීමේ වැඩපිළිවෙළ හේතුවෙන් මෙම වෙනස්කම් සිදුකෙරෙන අතර පාස්කු උත්සවය සඳහා වැඩි නිදහසක් ලබාදීම මෙමගින් අදහස් කරන’ බවය.

    මෙයින් අදහස් වන්නේ 2020 වසන්ත කාලයේදී වසංගතය ආරම්භ වීමෙන් පසු පළමු වරට එරට සංචාරකයන්ට කිසිදු සීමාවකින් තොරව එක්සත් රාජධානියට ඇතුළු වීමට හැකි වනු ඇති බවය.

    මේ මොහොතේ, පරීක්ෂණ අවශ්‍යතාවයකින් තොරව එක්සත් රාජධානියට ඇතුළු විය හැක්කේ සම්පූර්ණයෙන්ම එන්නත් කර පැමිණෙන අයට පමණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img