තවත්
    මුල් පිටුවදේශීය පුවත්අලුත් අරුතකින් හැඩ වූ පාවෙන වෙළෙඳ සංකීර්ණය යළි විවෘතයි

    අලුත් අරුතකින් හැඩ වූ පාවෙන වෙළෙඳ සංකීර්ණය යළි විවෘතයි

    කොළඹ නගර සංවර්ධන සහ අලංකරණය කිරීමේ වැඩ සටහන යටතේ 2014 වසරේ දි කොළඹ කොටුවේ පාවෙන වෙළද සංකීර්ණය ඉදිවන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතුකරමින් සිටියදී ඔහුගේ සංකල්පයකට අනුවය. මත්කුඩු ලෝලීන්ගේ රජදහනක්ව පැවැති විෂමාචාර වලින් පිරුණු ඒ භූමිය කොළඹට අලංකරණයක් ගෙන දෙන ස්ථානයක් බවට පත්වන්නේ යුරෝපීය රටක පරිසර අත්දැකීමක් අපේ රටේ ජනතාවට ලබාදෙමිනි.

    එහෙත් යහපාලන ආණ්ඩුව පැවැති කාලය තුළ පාවෙන වෙළද සංකීර්ණයට ලැබෙන්නේ කුඩ අම්මාගේ සැලකිලිය. ඒ නිසාම කොළඹ නගරයට අලංකාරයක් ගෙනදුන් පාවෙන වෙළද සංකීර්ණය දිනෙන් දින ජරාජීරණය වෙමිනි විනාශ මුඛයට ගියේය. එහි ස්ථාපිත කර තිබුණු වෙළද සැල් 103 න් 80 ක්ම වැසී ගියේය. නිසි නඩත්තුවක් නොමැතිවූ බැවින් වෙළද සංකීර්ණයට ඇතුළු වීමට ඇති ලෑලිි පාලම මෙන්ම ලෑලි වලින් අලංකරණය කර තිබුණු වෙළද කුටි විනාශ වන්නට ගත්තේය. බෝට්ටුමත තිබුණු වෙළද සැල්ද ඉවත්කර තිබුුණෛ බෝට්ටු නිසි නඩතුවක් නොමැතිවූ බැවින් දියේ ගිලීමේ අවධානමකට ලක්වූ බැවිණි.

    දිනෙන් දින මේ සුන්දර ස්ථානය පරිහාණියට පත්වන විට වෙළද සංකීීර්ණය පිහිටි ජලාශය පවා අපිරිසිදු වෙමින් එය දැඩි දුර්ගන්දයක් හමන තැනක් බවට පත්වන්නට ගත්තේය. මත්කුඩු ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් නැවතත් මේ භූමියට අරක්ගත්තේ සමාජ විරෝධී ක්‍රියාවවන්ගේ තෝතැන්නක් බවට මේ තැන නැවත පත්වෙමිණි. මෑතකදී ඩුබායිහීදී මරුමුවට පත්වූ කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ පවුලේ ඥාතියෙක් විසින් මෙම වෙළද සංකීර්ණය මත්කුඩු පාරාදීසයක් බවට පත්කරගෙන සිටි බව ප්‍රසිද්ධ රහසකි.

    එදා ගෝඨාභය රාජපක්ෂ මහතාාගේ උපදෙසින් නාගරික සංවර්ධන අධිකාරිය මේ තැන සුන්දර ස්ථානයක් බවට පත්කරන්නේ රුපියල් මිලියන 312 ක වියදමක් දරමිණි. එම මුදලින් සියයට 50 ක් වසර පහක් වැනි කෙටි කාලයක් තුළ නැවත ඒ ස්ථානයෙන්ම ලැබෙන ආදායමින් ලබා ගැනීමේ වැඩ පිළිවෙලක්ද විය. එහෛත් ඒ කිසිවක් යහපාලන ආණ්ඩුව පැවැති වකවානුවේදී සිදුවූ බවක් පෙනෙන්නට නොවීය. මේ තැන පාරිසරික ගැටළුප පවා නිර්මාණය වන තෝතැන්නක් බවට පත්විය.

    එහෙත් නව රජය බලයට පත්වීමත් සමග නැවතත් ගෝඨාභය රාජපක්ෂ මහතා එදා නතරකළ තැනින් නැවතත් නගර සංවර්ධන සහ අපංකරණය කිරීමේ කටයුත්ත යුහුසුළුව ආරම්භ කළේය. ඒ අනුව විනාශවෙමින් පැවැති කොළඹ කොටුවේ පාවෙන වෙළද සංකීර්ණයට අලුත් පෙනුමක් සමග නව පණක් දුන්නේය. ඒ එදා තිබුණාට වඩා හැඩ වැඩ කරමිණි. එසේ නව පණක් ලද පාවෙන වෙළද සංකීර්ණය අද (07) රාත්‍රියේ නැවතත් මහජනතාව වෙනුවෙන් විවෘත කෙරෙන්නේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය. නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා , කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක
    ඇතුළු ප්‍රභූන් රැසක් ඊට සහභාගි වී සිටිනු දක්කට ලැබුණි. එම උත්සවයේදී නාලක ගොඩහේවා අමාත්‍යවරයා සදහන් කරන්නේ මේ මහා නගර සැළැස්මක එක් පියවරක් පමණක් බවයි. මෙම සැළසුම වරාය නගරය දක්වාම දිවයන බව ඔහු සදහන් කළේය. ඒ ගැන තේරුම් නොගෙන මෙම පාවෙන වෙළද සංකීර්ණය පසුගිය කාලයේ අතහැර දමා තිබුණු බවද ඔහු සදහන් කළේය.

    කොටුව දුම්රියපළ බැස්ටියන් මාවත සහ මරදාන යාකෙරෙන පදික මාවතක් සහිත උද්‍යාන කලාපයක්ද මේ හා සමගාමීව ඉදිකෙරනු ඇත. ඉදිරි වසර දෙක තුළ එම ව්‍යාපෘතියද අවසන් කරන බව අමාත්‍යවරයා පැවැසුවේය. එම ව්‍යාපෘතියට සමගගාමීව පාවෙන වෙළද සංකීර්ණය පිහිටි ජලාශයේ ජලය පිරිසිදු කිරීමට ජල පිරිසිදු කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම ඩී.ආර්.විජේවර්ධන මාවතේ සිට බැස්ටියන් මාවත යාකරමින් ගුවන් මාර්ගයක් ඉදිකිරීම, මෙන්ම පාවෙන වෙළද සංකිර්ණයේ සිට කොටුව හරහා නවම් මාවත දක්වා මගී ප්‍රවාහන බෝට්ටු සේවයක් ආරම්භ කිරීම ආදී ව්‍යාපෘති රාශියක් මේ හා බද්ධව පවතින බව අමාත්‍ය නාලක ගොඩහේවා මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img