Home දේශීය පුවත් එස්.බී.ගෙන් කෑලි කිහිපයක් ගලවයි

එස්.බී.ගෙන් කෑලි කිහිපයක් ගලවයි

0
එස්.බී.ගෙන් කෑලි කිහිපයක් ගලවයි

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති විෂය පථය සහ කාර්යයන් කිහිපයක් ඉවත්කර පරිසර අමාත්‍යාංශය යටතට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

ඊට අනුව මෙතෙක් කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ “දැනට භූගතව සහ සාගර අභ්‍යන්තරයේ ඇතැයි සැලකෙන ඛනිජ සම්පත් නූතන අධිතාක්ෂණ භාවිතා කර ගවේෂණය කර රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදාගැනීම” යන කාර්යය පරිසර අමාත්‍යාංශය යටතට පවරා ඇත.

එසේම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සහ ලංකා ඛනිජ වැලි සමාගම ද පරිසර අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

ඊට අදාල අතිවිශේෂ ගැසට් නිවෛ්දනයද මේ වන විට නිකුත් කර ඇත.

විමල් වීරවංශ මහතාව කර්මාන්ත අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමෙන් පසු එම අමාත්‍යධූරයට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ එස්.බී. දිසානායක මහතාවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here