තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බොදුබල සේනා තහනම එපා - පාස්කු වාර්තා ඇමති කමිටුවෙන් නිර්දේශයක්

    බොදුබල සේනා තහනම එපා – පාස්කු වාර්තා ඇමති කමිටුවෙන් නිර්දේශයක්

    බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට පාස්කු කොමිසමේ අවසන් වාර්තාව නිර්දේශ කර තිබුණද අමාත්‍ය අනුකමිටු වාර්තාව එය නොකළ යුත්තක් ලෙස නිර්දේශ කර තිබේ.

    පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට‍ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය පෙබරවාරි මස 19 වනදා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කළේය. එම අනුකමිටු වාර්තාව තුළ කොමිසමේ වාර්තාවේ නිර්දේශ 78ක් ක්‍රියාත්මක කළ යුතු බවට හඳුනාගෙන ඇත.

    එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කෙසේද, ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න වාර්තාවට ඇතුළත් කර තිබේ.

    ශ්‍රී ලංකාවේ වහබ්වාදය තහනම් කළ යුතු බවට පාස්කු කොමිසම විසින් නිර්දේශ අනුමත කරන අමාත්‍ය අනු කමිටුව මඟින් නිර්දේශ කර ඇත්තේ සියලුම තවුහිද් සංවිධාන තහනම් කිරීමට සළකා බැලිය යුතුය බවය.

    ශ්‍රී ලංකාවේ පීස් ටීවී තහනම් කිරීමට පාස්කු කොමිසම මඟින් නිදේශ කර තිබූ අතර එය අමාත්‍ය අනු කමිටුව මඟින් තහවුරු කර ඇති බව වාර්තා වේ.

    ශ්‍රී ලංකා ජමාතේ – ඊ – ඉස්ලාම් සංවිධානය සහ ජවාඅත් – ඊ – ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය තහනම් කිරීමට පාස්කු කොමිසම මඟින් කර තිබූ නිර්දේශය ද අමාත්‍ය අනු කමිටුව අනුමත කළේය.

    මේ අතර පාස්කු කොමිසම විසින් ආගමික හේතු සහ විශ්වාසයන් මත පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම තහනම් කිරීමට පාස්කු කොමිසම නිර්දේශ කර තිබුණි.

    අමාත්‍ය අනු කමිටුව එම කරුණට නිර්දේශ කර ඇත්තේ ශ්‍රී ලංකා සමාජය ජාතිය හා ආගම පදනම් කරගෙන බෙදී ඇති බැවින් එය වෙනස් කළ යුත්තේ ආකල්පමය වෙනසකින් මිස නීති සම්පාදනයෙන් නොවන බවය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img