කොවිඩ් සම්බන්ධව ඉදිරියට ඇත්තේ සුභදායී කාලයක් බවත් මේ දක්වා පවත්වාගත් සෞඛ්‍ය පුරුදු ඉදිරියට පවත්වාගෙන යා යුතු බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.
තත්ත්වය හොඳ අතට පවත්වාගෙන යාමට සුදුසු වාතාවරණයක් ගොඩනැගී බව ද ඔහු ප්‍රකාශ කළේ, ඊයේ (04) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් මාර්ගගත ක්‍රමයට පැවැත්වූ ජාලගත සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමිනි.
දැනට පවතින සාක්ෂි අනූව තවත් ප්‍රභේද 2ක් පමණ රට තුළ ඉදිරියට මතුවිය හැකි වුවද රෝගීන් සංඛ්‍යාව විශාල වැඩිවීමක් සිදුනොවනු ඇති බවටද, එනම් විශාල ව්‍යාප්තියකින් තොරව සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් මෙන් පවතිනු ඇතැයිද ඔහු කියා සිටියේය.
සාර්ථක එන්නත්කරණය ඒ සඳහා පසුබිම නිර්මාණය කර ඇති බවද ඔහු කීය.
අද වන විට 650,000ට ආසන්නව රටතුළ කොවිඩ් රෝගීන් වාර්තා වුණු බවද, 16,000ක් ඉක්මවා කොවිඩ් මරණ වාර්තා වුණු බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කීය.
අප අවට මේ වන විටද රෝගය බෝ කළ හැකි ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් සිටිය හැකි යැයිද කියා සිටියේය.
වසංගතය සමග ජීවත් වෙමින් රැකියා කටයුතු සිදුකරමින් රටේ ආර්ථික තත්ත්වය පවත්වාගෙන යා යුතු බවද පැවසුවේය.
වසංගතය උග්‍රව පැවති කාලයේද මෙම වසංගතයට නොබියව මුහුණ දෙමින් පසුගිය වකවානුව පුරාම කොවිඩ් ව්‍යාප්තිය නවත්වාගැනීමට වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය උපරිමයෙන් කැපවෙමින් ක්‍රියා කළ ආකාරයද, සියලුම රාජ්‍ය සේවකයින් මෙන්ම අත්‍යවශ්‍ය සේවා ආරක්ෂක සේවා, තීනිය හි සාමය, ජලය, විදුලිය, ගෑස්, සන්නිවේදන ආදී මෙන්ම දෛනික කැලි කසල ඉවත් කරන පළාත් පාලන ආයතන වල සේවකයින් පවා එම කාල වකවානුවේදී දැක්වූ දායකත්වය ඇගයීමට ලක්කළේය.
රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා, වාණිජ ආයතන, බැංකු, කර්මාන්තශාලා මෙන්ම ආහාර නිපදවීමට නොබියව කෘෂිකාර්මික කටයුතු වල නියැලුණු ගොවි මහත්වරුන්ගේ සේවයද ඇගයීමට ද මෙහිදී ඔහු කටයුතු කළේය.