Home උණුසුම් පුවත් ගාමිණීට – පවිත්‍රාට අලුත් ඇමතිකම්

ගාමිණීට – පවිත්‍රාට අලුත් ඇමතිකම්

ගාමිණීට – පවිත්‍රාට අලුත් ඇමතිකම්

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අමාත්‍යාංශ කිහිපයක සංශෝධන සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දී ඇත. එම ධුරයේ මීට පෙර කටයුතු කළේ උදය ගම්මන්පිළ මහතායි.

පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍ය ධුරයෙහි අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here