Home උණුසුම් පුවත් අදත් පැය 7 1/2ක විදුලි කප්පාදුවක් – කාලසටහන මෙන්න..

අදත් පැය 7 1/2ක විදුලි කප්පාදුවක් – කාලසටහන මෙන්න..

අදත් පැය 7 1/2ක විදුලි කප්පාදුවක් – කාලසටහන මෙන්න..

අද (03) දිනයේත් පැය 7 1/2ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ දහවල් කාලයේ පැය 5 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකහාමාරක කාලයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා E,T,U,V,W යන කලාප සඳහා පැය 5 ක විදුලි කප්පාදුවක් සිදු වන අතර දහවල් 1.00 සිට සවස 6.00 දක්වා F,P,Q,R,S කලාප සඳහා ද පැය 5 ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

එසේම රාත්‍රී කාලයේදී සවස 6.00 සිට රාත්‍රී 8.30 දක්වා E,T,U,V,W යන කලාප සඳහා පැය දෙකහාමාරක විදුලි කප්පාදුවක් හා 8.30 සිට රාත්‍රී 11.00 දක්වා F,P,Q,R,S කලාප සඳහා ද පැය දෙකහාමාරක විදුලිය කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

 [pdf-embedder url="http://newswave.lk/wp-content/uploads/E-03-03-2022-Power-Interruption-Schedule-1.pdf"]     

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here