තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අපි තාමත් ඉස්සර වගේමයි.. - චීනය රුසියාව ගැන කී දේ

    අපි තාමත් ඉස්සර වගේමයි.. – චීනය රුසියාව ගැන කී දේ

    රුසියාවට කිසිඳු ආර්ථික සම්බාධක පැනවීමක් සිදු නොකරන බවත් සාමාන්‍ය පරිදි ආර්ථික සහ වෙළෙඳ කටයුතු සිදුකරන බවත් චීනය සඳහන් කරයි.

    ආර්ථික සම්බාධක පැනවීම මගින් මෙම ගැටලුව විසදීමට හැකියාවක් නොමැති බවට තමන් විශ්වාස කරන බවත් ඒ අනුව රුසියාවට ආර්ථික සම්බාධක පැනවීමක් සිදු නොකරන බවද චීනය අවධාරණය කරයි.

    “ආර්ථික සම්බාධක පැනවීම ගැන සලකා බලන විට අපි ඒකා පාර්ශවීය ආර්ථික සම්බාධක පැනවීම් අනුමත කරන්නේ නැහැ. මන්ද මෙම සම්බාධක බලාපොරොත්තු වෙන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ වගේම ඊට නීතිමය පසුබිමකුත් නැහැ” යනුවෙන් චීනයේ බැංකු සහ රක්ෂණ කටයුතු පාලක කොමිසමේ ප්‍රධානී ගාවෝ ශෂින්ග් පවසයි.

    පසුගිය කාලය තුලදී චීනය සහ රුසියාව ඉතා සමීප වූ අතර දෙරට අතර අර්ථික කටයුතු වලද වීශාල වර්ධනයක් දක්නට ලැබිණි. ඉකුත් වසරේදී දෙරට අතර වෙළෙඳ කටයුතු වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 146.9 දක්වා වර්ධනය වී ඇති බවට චීන රේගු දත්ත සඳහන් කරයි.

    මේ අතර තවමත් චීනය විසින් රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර ඇති බවට සඳහන් කිරීමටද අකමැත්ත පළකරයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img