තවත්
    මුල් පිටුවදේශීය පුවත්බෙලරුස් සිටින ශ්‍රී ලාංකික සිසුන් රුසියාවට ගෙන්වා ගන්න යයි - විදේශ ලේකම්

    බෙලරුස් සිටින ශ්‍රී ලාංකික සිසුන් රුසියාවට ගෙන්වා ගන්න යයි – විදේශ ලේකම්

    රුසියානු යුක්රේන යුධ ගැටුම් හේතුවෙන් බෙලරුස් රාජ්‍යයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ශ්‍රී ලාංකික සිසුන් ඉවත්කර ගැනීමේ මුලීක කටයුතු දැනට සිදුවන බව විදේශ අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

    බෙලරුස් රාජ්‍යයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින උදෑසන විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට සහ මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබිණි.

    බෙලරුස් රාජ්‍යයේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල දැනට ශ්‍රී ලාංකික සිසුන් එක්දහස් පන්සීයකට ආසන්න පිරිසක් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 1600ක් පමණ සිටිති.

    අදාළ විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡා කරමින් අධ්‍යන කටයුතු සති කිහිපයකට ප්‍රමාද කර ගැනීමට මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබෙන අතර අදාළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රුසියාවට පැමිණීමට වීසා බලපත්‍ර ලබා ගනිමින් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමේ පහසුකම් සැලසීමේ කටයුතු ආරම්භ කර ඇතැයි විදේශ අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img