
සොරකම් සහ කොල්ලකෑම් සම්බන්ධයෙන් අධිකරණ 11කින් වරෙන්තු නිකුත්කර තිබුණු අපරාධකරුවෙක් වත්තල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වත්තල වැලිඅමුණ මාර්ගයේ ඊයේ ගමන්කරමින් සිටි මෙම පුද්ගලයාගේ හැසිරීම පිළිබදව සැකසිතූ ප්‍රදේශවාසියෙක් ඒ් බව වත්තල පොලීසියට කළ දැනුම්දීම මත ඔහුව පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී අධීකරණ රැසකින් වරෙන්තු නිකුත් කෙරුණු පුද්ගලයෙක් බව අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ඒ් වන විටත් වත්තල සහ වරකපොළ පොලිස්වසම්වල සිදුවූ රන් භාණ්ඩ සොරා ගැනීම් සහ විවිධ අපරාධ සඳහා අත්අඩංගුවට ගැනීමට මෙම පුද්ගලයාව පොලීසිය සොයමින් සිට ඇත.
අලුත්කඩේ, අත්තනගල්ල, මහනුවර, කෑගල්ල, වත්තල, ගල්කිස්ස, ගම්පහ, කන්තලේ, මාරවිල, මීගමුව සහ මිනුවන්ගොඩ අධිකරණවලින් ඔහුට වරෙන්තු නිකුත්කර තිබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම පුද්ගලයා දිවයින පුරා සැරිසරමින් ජංගම දුරකතන සොරා ගැනීම්, රන් භාණ්ඩ සොරා ගැනීම්, කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල කොල්ලකෑම්, යතුරු පැදි සොරා ගැනීම් ඇතුළු අපරාධ සිදුකරමින් සිටින්නෙක් බව පොලීසිය හදුනාගෙන තිබේ.
ඒවන් අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් කොළඹ , කඩුවෙල,අවිස්සාවේල්ල, අත්තනගල්ල අධිකරණවලින් මෙම සැකකරු වරදකරුවෙමින් සිරදඩුවම් සහ දඩමුදල් නියමව ඇති අයෙකි. ඒසේම මෙම පුද්ගලයා අධීකරණ නියෝගයකින් ප්‍රජා සේවයේද යොදවා සිටියෙක් බව පොලීසිය සඳහන් කරයි.
මෙම සැකකරු විසින් සොරා ගන්නා ලද රන් භාණ්ඩ ජුවලරිවලට අලෙවිකර ඇත. උණුකර තිබුණු ඒම රන් භාණ්ඩද පොලීසිය ජුවලරිවලින් ලබාගෙන ඇත. ඒසේම ඔහු විසින් සොරා ගන්නා ලද යතුරු පැදියක්ද සොයාගෙන තිබේ.
හතලිස් දෙහැවරදි වියේ පසුවන මෙම සැකකරු මල්වානේ පදිංචිකරුවෙකි.