තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දරුවන්ගේ කුසගින්න පියෙකුගේ ජීවිතය කෙටිකරයි

    දරුවන්ගේ කුසගින්න පියෙකුගේ ජීවිතය කෙටිකරයි

    දින තුනක් තිස්සේ සිය දරුවන්ට හරිහැටි ආහාරක් ලබාදීමට නොහැකිවීම හේතුවෙන් සිත් තැවුලට පත්ව පියෙක් ගෙලවැළලාගෙන මිය යාමේ අවාසනාවන්ත සිදුවීමක් වැලිපැන්නෙන් වාර්තා වේ.

    වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ පැවති හදිසි මරණ පරීක්ෂණයකදී මේ බව අනාවරණය විය.

    වැලිපැන්න හෙලින්බෝන් ජනපදයේ පදිංචිකරුවෙක් වූ නාගරාජා රන්ජන් (37) නැමැති සිව් දරු පියෙක් එසේ සිය දිවි හානිකර ගෙන ඇතැයි වැලිපැන්න පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    සියදිවි හානිකරගත් සිව් දරු පියාගේ බිරිඳ මාඩසාමි මංජුලා (30) මහත්මිය මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් සඳහන්කර ඇත්තේ දින තුනක් තිස්සේ නිවසේ කෑමට කිසිවක් නොතිබුණු බවය. ඒ සම්බන්දයෙන් සැමියා කණස්සල්ලෙන් සිටි බවද ඇය සදහන් කළාය. තමන්ට ණයට කිසිවෙකුත් කිසිවක් නොදෙන බවද ඇය එහිදී පැවසූබව පොලීසිය කියයි. පසුගිය සිකුරාදා සිය සැමියා දරුවන්ට කෑමට යමක් ගැනීමට කීයක් හරි සොයාගෙන එන්නම් යැයි පවසා නිවසින් පිටව ගොස් ඇති බවත් එදින ඔහු නිවසට නොපැමිණි බවත් ඇය කියන්නීය. සැමියා ගැන කිසිදු තොරතුරක් නොවූ තැන නිවසේ තිබුණු පුටු දෙකක් විකුණා දරුවන්ට එදින කන්නට දුන් බවත් සැමියා ඥාතියෙකුගේ නිවසක අසල ගසක එල්ලී සිය දිවි හානිකර ගෙන ඇති බව පසුව දැනගන්නට ලැබුණු බවත් ඇය කියන්නීය.

    පොලීසිය සඳහන් කරනුයේ ඔවුන් දෙදෙනාට වයස අවුරුදු 12 ට අඩු දරුවන් සිව් දෙනෙක් සිටින බවය. මිය ගිය පුද්ගලයා කුළි වැඩකරමින් ජීවත්වූ අයෙකි. ඔවුන් නෑබොඩ සිට මාස 09 කට පමණ පෙර වැලිපැන්නට පැමිණ ඇත්තේ රැකියාවක් සොයාගෙනය. රුපියල් 3500 මාසික කුලියකට ඔවුන් කාමරයක පදිංචිව සිට ඇත දරුවන් පාසල් නොයන බවද පොලීසිය සදහන් කරයි.

    පොලිස් මූලස්ථාන සංඛ්‍යා දත්ත අධ්‍යානයේදී පෙනී යන්නේ ආර්ථික ගැටළු මුල්කර ගනිමින් වසරකට 200 ක පමණ පිරිසක් සියදිවි හානිකර ගන්නා බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img