තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහා ශිව රාත්‍රි මංගල්‍යය අදයි

    මහා ශිව රාත්‍රි මංගල්‍යය අදයි

    හින්දු බැතිමතුන් උත්කර්ශවත්ව සමරන මහා ශිවරාත්‍රි දිනය අදයි.

    ආධ්‍යාත්මික සුවය, සශ්‍රීකත්වය සහ ප්‍රබෝධය සියලු දෙනාගේ යහපත් අභිමතාර්ථ සාධනයට හේතු වන සුබ මහා ශිව රාත්‍රි මංගල්‍යයක් වෙනුවෙන් ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන්ට සුබ පතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කර ඇති මහා ශිව රාත්‍රි දින පණිවුඩය මෙසේය.

    "මහා ශිව රාත්‍රිය, ශිව දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන හින්දු ආධ්‍යාත්මික මංගල්‍යයකි. හින්දු බැතිමත්හු අනාදිමත් කාලයක සිට ශිව දෙවියන් හට පුද පූජා පැවැත්වීමෙන් එම ආශීර්වාදය ලබති. 
    පුද්ගල ජීවිතය මෙන් ම ලෝකය තුළ අන්ධකාරය හා අවිද්‍යාව බිඳ ප්‍රඥාව අවදි කර ගැනීම මහා ශිව රාත්‍රි දිනයේදී සමරනු ලබයි. එමෙන් ම සමෘද්ධිය හා සශ්‍රීකත්වයේ අපේක්ෂාව ද මහා ශිව රාත්‍රිය හා බැඳී පවතී. 
    

    සියලු දෙනා පීඩාවෙන් මුදා ගැනීම යනු මනුෂ්‍යත්වය ඉක්මවා ගිය දිව්‍යමය ප්‍රාර්ථනාවකි. ශිව දෙවියන් වෙනුවෙන් උපවාසයේ යෙදෙමින්, යැදුම් පවත්වමින් හා භාවනායෝගීව සිටිමින් මහා ශිව රාත්‍රි දිනයේ අත් කරගත් ආධ්‍යාත්මික ශක්තීන් සමස්ත සමාජයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීමට ආශීර්වාදය එක් කරනු ඇතැයි යන්න සැමගේ අපේක්ෂාවයි.

    ශිව දෙවියන්ගේ මංගල්‍යය සංකේතවත් කරන විශ්වාසයන් සමස්ත ලෝකවාසී ජනතාව තුළ ආධ්‍යාත්මික පිබිදීමක් ඇති කරවන අතර අවංක බව, ත්‍යාගශීලී බව සහ සමාව දීම යන සත්‍යවාදී ගුණාංගයන් අනුව ජීවත්වීමට ආරාධනා කරයි. මහා ශිව රාත්‍රියේ ආධ්‍යාත්මික පණිවුඩය එකිනෙකා අතර සාමූහික බව තවදුරටත් ශක්තිමත් කරනු ලබයි.
    
    ආධ්‍යාත්මික සුවය, සශ්‍රීකත්වය සහ ප්‍රබෝධය සියලු දෙනාගේ යහපත් අභිමතාර්ථ සාධනයට හේතු වන සුබ මහා ශිව රාත්‍රි මංගල්‍යයක් වේවා! යි ප්‍රාර්ථනා කරමි."
    
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img