Home දේශීය පුවත් හිටපු විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා පොලීසිය හමුවට

හිටපු විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා පොලීසිය හමුවට

0
හිටපු විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා පොලීසිය හමුවට

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව කරන ලද කැදවීමකට අනුව හිටපු විවහාක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිළියන්දල පොලීසිය හමුවේ අද සවස පෙනී සිටීමට නියමිතව ඇත.

තමා අද සවස 3.00ට පිළියන්දල පොලිස් ස්ථානය පැමිණෙන බව පුෂ්පිකා ද සිල්වා මහත්මිය දැනුම් දී තිබේ.

පිළියන්දල පොලිසිය හමුවේ මුලින්ම පෙනී සිටින ලෙස පුෂ්පිකා ද සිල්වා මහත්මියට දැනුම්දීමක් කර තිබුණේ ඉකුත් 23 වෙනිදාය. ඒ අනුව ඇය එදින පෙනී සිටියේ නැත. සිය නීතීඥවරුන් මගින් ඇය ඒ බව දැනුම්දී පහසු දිනයකදී පොලීසිය හමුවේ පෙනී සිටින බව දැනුම් දී තිබුණි.

චමුදිත සමරවික්‍රම මහතා ඔහුගේ යූ-ටියුබ් නාලිකාව ඔස්සේ සිදුකල ආන්දෝලනාත්මක සාකච්ඡා කිහිපයකට සම්බන්ධ වූවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමක් මෙම පහරදීමට අදාල විමර්ශනයන්ට අදාලව සිදුවන බවත් ඒ අනුව පුෂ්පිකා ද සිල්වා මහත්මිය කැදවූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here