තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට සුපිරි පාපන්දු ක්‍රීඩකයකු මාලදිවයිනේදී අභිරහස් ලෙස මරුට

    මෙරට සුපිරි පාපන්දු ක්‍රීඩකයකු මාලදිවයිනේදී අභිරහස් ලෙස මරුට

    ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයෙකු වන ඩක්සන් පුස්ලාස් මාලදිවයිනේ දී ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

    ඔහු වාසය කළ මහල් නිවාසයේ තිබූ ඔහුගේ සිරුර ඊයේ (26) සවස හමු වී ඇත.

    මෙය සිය දිවි නසා ගැනීමක් බවට සැක පල වේ.

    31 වැනි වියේ පසු වූ ඔහු මාලදිවයිනේ වාසය කරමින් Valencia ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු ලෙස Dhivehi Premier League තරගාවලිය සඳහා ක්‍රීඩා කරමින් සිටියේයය.

    මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳව නිල වශයෙන් එරට පොලිසිය හෝ මාලදිවයින් පාපන්දු සම්මේලනය හෝ දැනුම් දී නොමැත.

    ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සිය Facebook පිටුවේ නිවේදනයක් තබමින් සඳහන් කර සිටියේ, “ශ්‍රී ලංකා ජාතික පාපන්දු ක්‍රීඩක ඩක්සන් පුස්ලස් අද මාලදිවයිනේ දී අභාවප්‍රාප්ත වූ බව බලවත් ශෝකයෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු.

    ශ්‍රී ලංකා පාපන්දු සභාපති, ජස්වර් උමාර් සහ FFSL ඩක්සන් පුස්ලස්ගේ පවුලේ අයට සහ මිතුරන්ට අපගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කිරීමට කැමැත්තෙන් සිටිති. මෙම දුක්ඛිත අවස්ථාවේ අප ඔබ සමඟින් ඔහු වෙනුවෙන් යාච්ඤා කරමු.

    ඔහුගේ ආත්මය සමාදානයේ සැතපේවා!!!” යනුවෙනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img