තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සතියේ වැඩකරන දින 4 ට අඩුකරන්න මහබැංකු අධිපතිගෙන් යෝජනාවක්

    සතියේ වැඩකරන දින 4 ට අඩුකරන්න මහබැංකු අධිපතිගෙන් යෝජනාවක්

    ඩොලර් හිඟයත් සමඟ මේ වන විට රට මුහුණ දී ඇති ආර්බුදයෙන් ආර්ථිකය කඩා වැටීම වලක්වා ගැනීමට සතියේ වැඩකරන දින ගණන හතරක් දක්වා අඩුකිරීම ඇතුළු යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රජයට ඉදිරිපත්කර තිබේ.

    සතියේ දින ගණන අඩු කිරීමට ඔහු යෝජනාකරනුයේ එම වැඩකරන දිනවල වැඩකරන කාලය දීර්ඝ කිරීමෙනි. උදෑසන 7.30 ට ආයතනවල වැඩ ආරම්භකර සවස 5.30 ට අවසන් කිරීමට එමගින් යෝජනාකර තිබේ.

    පෞද්ගලික වාහන භාවිතය අධෛර්යමත්කරමින් පොදු ප්‍රවාහනයට යොමුකිරීමද මහ බැංකු අධිපතිවරයා ඉන්ධන අර්බුදයට විසදුමක් ලෙස යෝජනාකර ඇත. එසේම මාධ්‍ය මඟින් ඉන්ධන අරපිරිමැස්මෙන් පරිහරණය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද යෝජනාකර තිබේ.

    එසේම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව අවම කර ගැනීම වෙනුවෙන් ඉන්ධන මිල සැලකියයුතු ගණනකින් වැඩි කිරීමටද මෙම යෝජනාවේ අන්තර්ගතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img