තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනාධිපති ලේකම් ලෙස පෙනී සිට මෝටර් රථ කොමසාරිස් ජනරාල්ට නියෝග දුන් තරුණයෙක්...

    ජනාධිපති ලේකම් ලෙස පෙනී සිට මෝටර් රථ කොමසාරිස් ජනරාල්ට නියෝග දුන් තරුණයෙක් අත්අඩංගුවට

    ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ලෙස පෙනී සිටිමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට දුරකථන ඇමතුමක් දෙමින්, මෝටර් රථ පරීක්ෂක තනතුර සඳහා පුද්ගල නාමයක් සඳහන් කරමින් ඔහුව බදවා ගන්නා ලෙස තර්ජනය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම පුද්ගලයා කුලියාපිටියේ පදිංචි අවුරුදු 24ක් පමණ වයසැති අයෙකි.

    ඔහු මෝටර් රථ පරීක්ෂකවරයෙකු වීම සදහා අයදුම්පත් ඉදිරිපත් කොට විභාගයට ද මුහුණ දී සමත් වූ අයෙකි.

    සම්මුඛ පරීක්ෂණයෙන් ඔහු තෝරා නොගැනීම හේතුකොටගෙන එම පුද්ගලයාම මෙසේ ජනාධිපති ලේකම් ලෙස පෙනී සිටිමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට තර්ජනය කර ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    මෙම තරුණයා වෙනත් පුද්ගලයකුගේ නමින් සිම් කාඩ් පතක් සහ ජංගම දුරකථනයක් ලබාගෙන මෙම තර්ජනය කිරීම කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    මෙම තර්ජනය කිරීමේ දී වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින් ඔහු නම සඳහන් කළ පුද්ගලයා බඳවා ගන්නා ලෙසට ප්‍රකාශ කර ඇති බවයි.

    එම අවස්ථාවේදී කොමසාරිස්වරයා පවසා ඇත්තේ ඒ බව ලිඛිතව දන්වන ලෙසයි .

    එවිට අදාළ තරුණයා කොමසාරිස්වරයාට දුරකථනයෙන් බැන වැදී ඇත්තේ “ජනාධිපති එහෙම ලිඛිතව එවන්නේ නෑ කිව්වොත් කිව්වා. අනිවාර්යෙන්ම ඕක කෙරෙන්න ඕනෙ. නැත්නම් මම තමුසෙ ගැන බලාගන්නවා.” යනුවෙන් සඳහන් කරමිනි.

    අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img