තවත්
    මුල් පිටුවspecialජගත් ආරක්ෂක කවුන්සිලයේදීත් රුසියාවේ තනි බලය පෙන්නයි

    ජගත් ආරක්ෂක කවුන්සිලයේදීත් රුසියාවේ තනි බලය පෙන්නයි

    රුසියාව යුක්රේනයට එරෙහි ආක්‍රමනකාරීත්වය ‘ප්‍රබලම කොන්දේසිවලින්’ හෙළා දකිමින්, යුක්‍රේන භූමියෙන් තම හමුදා කොන්දේසි විරහිතව ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වී තිබේ.

    කෙසේවෙතත් සෙසු රටවල් ඊට පක්ෂව සිය ඡන්දය භාවිත කළ ද රුසියාව ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකයෙකු ලෙස සිය නිෂේධ බලය භාවිත කිරීම නිසා යෝජනාව අසාර්ථක විය.

    යෝජනාව සම්මත කිරීමට ඡන්දය දුන් රටවල් වූයේ ප්‍රංශය, බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය, ඇල්බේනියාව, බ්‍රසීලය, ගැබොන්, ඝානාව, අයර්ලන්තය, කෙන්යාව, මෙක්සිකෝව සහ නෝර්වේ ය.

    චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

    “මම එක දෙයක් පැහැදිලිව කියන්නම්. රුසියාව, ඔබට මෙම යෝජනාව නිෂේධ කළ හැකිය, නමුත් ඔබට අපගේ හඬ නිෂේධ කළ නොහැක, ඔබට සත්‍යය නිෂේධ කළ නොහැක, ඔබට අපගේ මූලධර්ම නිෂේධ කළ නොහැක, ඔබට යුක්‍රේන ජනතාව නිෂේධ කළ නොහැක, ” එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපති ලින්ඩා තෝමස්-ග්‍රීන්ෆීල්ඩ් ඡන්දයෙන් පසුව පැවසීය.

    එක්සත් ජනපදය සහ ඇල්බේනියාව එක්ව ලියූ යෝජනාවට කවුන්සිලයේ ස්ථිර සහ ස්ථීර නොවන සාමාජිකයන් 15 දෙනාගෙන් 11 දෙනෙක් පක්ෂව ඡන්දය දුන් අතර රටවල් තුනක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

    ඡන්ද විමසීමට පැය කිහිපයකට පෙර, වැඩි සහයෝගයක් ලබා ගැනීම සඳහා යෝජනා කෙටුම්පතේ පාඨය දියාරු කරන ලදී.

    ‘හෙලා දකියි’ යන වචනය වෙනුවට ‘අප්‍රසාදය පළකිරීම’ යන වචනය යොදන ලද අතර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 7 වන පරිච්ඡේදයේ සඳහනක් මකා දමන ලදී.

    ජාත්‍යන්තරව පිළිගත් දේශසීමා තුළ යුක්රේනයේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, එකමුතුකම සහ භෞමික අඛණ්ඩතාව සඳහා සාමාජිකයින්ගේ කැපවීම මෙම යෝජනාව මගින් නැවත තහවුරු කරන ලද අතර මින්ස්ක් ගිවිසුම්වලට අනුකූල වන ලෙස පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.

    එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත ෂැං ජුන්, කවුන්සිලයට පැවසුවේ “සියලු රාජ්‍යවල ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මයන් තහවුරු කළ යුතු බවත්”ය.

    “එක් රටක ආරක්‍ෂාව වෙනත් ජාතීන්ගේ ආරක්‍ෂාව යටපත් කිරීමක් ආකාරයෙන් පැමිණිය නොහැක… යුක්‍රේනය නැගෙනහිර සහ බටහිර අතර පාලමක් විය යුතුය,” ෂැං පැවසීය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත ටී එස් තිරුමූර්ති ප්‍රචණ්ඩත්වය සහ එදිරිවාදිකම් වහා නතර කරන ලෙස ඉල්ලා සිටි අතර, කෙසේ වෙතත්, වෙනස්කම් සහ ආරවුල් විසඳීමට සංවාදයක අවශ්‍යතාවය පවතින බව එහිදී අවධාරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img