තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මධ්‍යම අධිවේගයේ ඇතුගල්පුර පිවිසුම ඇරලා මාසයයි - ආදායම කෝටි 10යි

    මධ්‍යම අධිවේගයේ ඇතුගල්පුර පිවිසුම ඇරලා මාසයයි – ආදායම කෝටි 10යි

    මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර (ඇතුගල්පුර පිවිසුම) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පලමු මාසය තුල මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස තුල වාහන ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් ධාවනය කිරීමෙන් රුපියල් කෝටි 10කට අධික ආදායමක් උපයා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

    පසුගිය මාසයේ 15 වන දින මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ජනතා අයිතියට පත් කෙරිණි.

    අනතුරුව පලමු පැය 12 තුල ජනතාවට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබුණි.

    පසුදින (16) වන දින දහවල් 12.00 පසුව අධිවේගී මාර්ගයේ ධාවනය වෙනුවෙන් මුදල් අය කිරීම ආරම්භ කෙරිණි.

    ඒ අනුව 16 වන දින සිට පසුගිය 21 වන දින අතර කාලය තුල රථවාහන 510,670 ක් මෙම මාර්ගයේ ධාවනය කර ඇත.

    එම රථවාහන ගමන් කිරීමෙන් රුපියල් 109,659,600ක ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

    මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග කොටසේ අන්තර්හුවමාරු මධ්‍යස්ථාන පිහිටා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img