Home දේශීය පුවත් අනාගත ඔලිම්පික් පදක්කම් අපේක්ෂාවෙන් ක්‍රීඩකයන්ට ලක්ෂයක මාසික දීමනාවක්

අනාගත ඔලිම්පික් පදක්කම් අපේක්ෂාවෙන් ක්‍රීඩකයන්ට ලක්ෂයක මාසික දීමනාවක්

0
අනාගත ඔලිම්පික් පදක්කම් අපේක්ෂාවෙන් ක්‍රීඩකයන්ට ලක්ෂයක මාසික දීමනාවක්

සුවිශේෂී දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා 2024 සහ 2028 ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය ඉලක්කර ගනිමින් මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඊට අමතරව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන්ටත් රුපියල් 50,000 ක මාසික දීමනාවක් ලබාදීමට අනුමැතිය හිමිව ඇත.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදය මෙසේය.

2024 සහ 2028 ඔලිම්පික් ක්‍රීඩා තරගාවලි ඉලක්ක කරගනිමින්, පරිසාධන මට්ටම් අනුව සුදුසුකම් ලබා ගැනීම සහ පදක්කම් අපේක්ෂාව මත දීර්ඝකාලීන ක්‍රමවත් පුහුණු වැඩපිළිවෙලක් යටතේ හඳුනාගනු ලබන සුවිශේෂී දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඔවුන්ගේ පුහුණු අවශ්‍යතා වෙනුවෙන් මූල්‍ය අනුග්‍රාහකත්වයක් ලබා දීමටත් පුහුණුකරුවන් සඳහා මූල්‍යමය දීමනාවක් ලබා දීමටත් හැකි වන පරිදි ඔවුන් දිරිගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ජාතික ක්‍රීඩා සභාව විසින් නිර්දේශ කර ඇත.

ඒ අනුව, තෝරාගනු ලබන උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් 100,000ක් සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට රුපියල් 50,000ක් බැගින් වූ මාසික දීමනා ගෙවීම පිණිස තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here