මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව විසින් මීට පෙර අත්අඩංගුවට ගත් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් කොළඹ වරායේ දී බලධාරීන් විසින් නැවත බ්‍රිතාන්‍යයට අද (21) නැවත ප්‍රතිඅපනයනය කර තිබේ.
කලකට පෙර බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ මෙම අපද්‍රව්‍ය කන්ටේනර් සම්බන්ධයෙන් රටතුළ මහත් ආන්දෝලනයක් මතුවිය.
පසුව ඒවා යළි හරවා යැවීමට බලධාරීන් තීරණය කළ අතර එම කටයුතු අවසන් වූයේ අද කොළඹ වරායේදී ය.