මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි වීම වැළැක්වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලය අද නිවේදනය කර තිබේ.
ඒ අනුව විභාගය පැවැත්වෙන අද පෙරවරු 08.30 සිට 11.30 දක්වා සහ පස්වරු 01.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කිරීමෙන් වැළකීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජානක රත්නායක මහතා පැවසුවේ කෙසේ වෙතත් අද පස්වරු 04.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි වන බවයි.
ඒ අනුව පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 2ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.
විදුලි කප්පාදුව සිදුවන ප්‍රදේශ ඛාණ්ඩ පහත දැක්වේ.
power-interruption-schedule-21-02-2021-1