තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චමුදිතගේ නිවසට පහරදුන් මැර කණ්ඩායම පැමිණ ඇත්තේ කොළඹ කොටුව හරහා බව...

    චමුදිතගේ නිවසට පහරදුන් මැර කණ්ඩායම පැමිණ ඇත්තේ කොළඹ කොටුව හරහා බව හෙළිවේ

    මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට පහරදුන් මැර කණ්ඩායම එම ප්‍රහාරයට පැමිණ ඇත්තේ කොළඹ කොටුව හරහා බව මෙතෙක් කර ඇති විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    ප්‍රහාරයෙන් පසු මැර කණ්ඩායම ගමන්ගත් මාර්ගය ආරක්ෂක කැමරා නිරීක්ෂණයෙන් සොයා යාමේදී කොළඹ නෙළුම් පොකුණ රඟහලින් එහාට මැර කණ්ඩායම ගමන්ගත් මෝටර් රථය නිරීක්ෂණය කිරීම දුෂ්කර වී ඇත.

    ප්‍රහාරයෙන් පසු පිළියන්දල සිට කොළඹ මාර්ගයේ පැමිණ කොහුවලින් හැවලොක් ටවුමට පිවිස නෙළුම් පොකුණ රඟහල ආසන්න මාර්ගය ඔස්සේ මැර පිරිස රැගත් වාහනය ගමන් කරන අයුරු ආරක්ෂක කැමරා පරීක්ෂාවෙන් නිරීක්ෂණය වී තිබේ.

    නෙළුම් පොකුණ රඟහල අසල සිට ඉදිරියට ආරක්ෂක කැමරා පරීක්ෂාවේදී ඇතිවූ යම් ගැටළු සහගත තත්ත්වයක් හේතුවෙන් මැර කණ්ඩායම ප්‍රහාරයෙන් පසු ගමන් ගත් මාර්ගය පරීක්ෂා කිරීම වෙනුවට පොලිස් විමර්ශකයන් ප්‍රහාරයකයන් පැමිණි මාර්ගය ආරක්ෂාක කැමරා දර්ශන ඔස්සේ පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇත. මෙතෙක් කර ඇති පරීක්ෂා කිරීම්වලට අනුව කොළඹ කොටුවේ සිට කොම්පඤ්ඤවීදිය ඔස්සේ මැර කණ්ඩායම පැමිණෙන ආකාරයක් නිරීක්ෂණය වන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. තවදුරටත් ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීම් සිදුවන බවත් කොළඹ කොටුව හරහා වාහනය ගමන් ගන්නේ අලුයම 1.30 හෝ ඒ ආසන් කාල සීමාවකදී බවත් පෙනී යන බව එම නිලධාරියා පැවසීය.

    තවදුරටත් ආරක්ෂක කැමරා පරීක්ෂා කරමින් පවතින බවත් කොළඹට වාහනය ඇතුළු වූයේ කුමන මාර්ගයකින්ද එසේත් නොමැතිනම් එම වාහනයේ ගමන් ආරම්භය සිදුවූයේ කොතනකින්ද යන්න පිළිබදවත් ඒ ඔස්සේ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බවත් පොලීසිය විශ්වාස කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img