Home උණුසුම් පුවත් විදුලිය – ඉන්ධන ගැන විශේෂ චක්‍රලේඛයක් හෙට

විදුලිය – ඉන්ධන ගැන විශේෂ චක්‍රලේඛයක් හෙට

විදුලිය – ඉන්ධන ගැන විශේෂ චක්‍රලේඛයක් හෙට

රාජ්‍ය ආයතනවල විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීමට උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් හෙට(21) නිකුත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මෙමගින් රාජ්‍ය ආයතනවල වායු සමීකරණ භාවිතය මෙන්ම අත්‍යවශ්‍ය නොවන අලංකාර කටයුතු සඳහා විදුලිය භාවිත කිරීම සීමා කිරීමට උපදෙස් දෙනු ඇත.

මීට අමතරව දුර බැහැර ප්‍රදේශවලින් ජනතාව කොළඹට කැඳවීම නව චක්‍රලේඛය හරහා සීමා කෙරෙන බව සඳහන් ය.

ඒ අනුව හැකි සෑම විටම Zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡා සහ සම්මන්ත්‍රණ පවත්වන ලෙස ද ඒ ඔස්සේ උපදෙස් දෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here