තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගෙ තනතුරු දැරූ හමුදා ප්‍රධානීන් ඉවතට

    ජනපතිගෙ තනතුරු දැරූ හමුදා ප්‍රධානීන් ඉවතට

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී එගොඩවෙල ඇතුළු විශ්‍රාමික හමුදා නිලධාරීන් සිවු දෙනෙකු ඔවුන් සිටි තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා කටයුතු කර ඇත.

    ඒ අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් එගොඩවෙල ප්‍රවාහන අධ්‍යක්ෂ ලෙස පත්කර ඇති අතර අනෙකුත් හමුදා නිලධාරීන් තිදෙනා ද ඔවුන් සිටි තනතුරුවලින් ඉවත් කොට තිබේ.

    හිටපු ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර යටතේ ජනාධිපති අරමුදල වෙත ලැබුණු ඉල්ලීම් ඇතුළත් ලිපි ගොනු හත්දහසක් කිසිදු අවධානයක් යොමු නොකට ගොඩ ගසා තැබීම පිළිබඳ අවධානය යොමු කර ඇති ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ජනාධිපති අරමුදලේ ලේකම්වරයා ඉවත් කරමින් ඒ සඳහා ද දුමින්ද නානායක්කාර මහතා අලුතින් පත් කර ඇත.

    නීතිඥ චමින්ද කුලරත්න මහතා ජනාධිපති අතිරේක ලේකම්වරයා ලෙස පත්කර ඇති අතර ජනාධිපති පැමිණිලි ඒකකයේ අතිරේක ලේකම්වරයා ලෙස නිශාන්ත වීරසිංහ මහතා පත්කර තිබේ. ඔවුන් දෙදෙනාම ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටිය දී අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරු ලෙස කටයුතු කළ නිලධාරිහු වෙති.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img