Home උණුසුම් පුවත් විපක්ෂයම එක්ව විරෝධතා රැල්ලකට සැරසෙයි

විපක්ෂයම එක්ව විරෝධතා රැල්ලකට සැරසෙයි

විපක්ෂයම එක්ව විරෝධතා රැල්ලකට සැරසෙයි

විවිධ කේෂ්ත්‍ර අරභයා නුදුරේදීම වැඩවර්ජන රැල්ලක් ඇති කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සැළසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව වරාය, රේගුව,නගර සභා,දුම්රිය හා ප්‍රවාහන සේවා, සෞඛ්‍ය, අධ්‍යාපන, විදුලිය හා බලශක්ති වැනි මෙරට ප්‍රධාන කේෂ්ත්‍ර ඉලක්ක කරගනිමින් මෙම වැඩවර්ජන රැල්ල නිර්මාණය වනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරනවා.

සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සහ විපක්ෂයේ තවත් දේශපාලන පක්ෂ ගණනාවක් මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ දැනටමත් සාකච්ඡා පවත්වා ඇතැයිද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here