තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කරන්ගොඩ පිරිවෙනේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව සොරා ගනී

    කරන්ගොඩ පිරිවෙනේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව සොරා ගනී

    රත්නපුර ඇලපාත පිහිටි කරංගොඩ සිද්ධාර්ථෝදය පිරිවෙනෙහි ඇති හිටි පිළිම වහන්සේගේ තැන්පත්කර තිබුණු රනින් කල ඌර්ණ රෝම ධාතුව සොරා ගැනීමක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබේ.

    ඇලපාත පොලිස් ස්ථානයට ඊයේ සවස ලැබී ඇති පැමිණිල්ලට අනුව එම ඌර්ණ රෝම ධාතුව

    පවුම් පහ මාරක් පමණ රන්වලින් නිමවා තිබී ඇත. එහි රන් වටිනාකම රුපියල් ලක්ෂ හයක් පමණ වනු ඇත.

    මෙම පිළිම වහන්සේගේ තීන්ත ආලේප කර අලුත් වැඩියා සදහා ඉකුත් නොවැම්බරයේදී පලංචි බැද තිබී ඇත. අධික වර්ෂාව හේතුවෙන් තීන්ත ආලේප කිරීමේ කටයුතු නවතා පෙරේදා (15) නැවත වැඩ කටයුතු ආරම්භ කිරීමට සූධානම් වූ අවස්ථාවේදී තීන්ත ආලේප කිරීමට පැමිණි පුද්ගලයෙක් විසින් පිළිම වහන්සේගේ නලලෙහි සවිකර තිබූ ඌර්ණ රෝම ධාතුව

    නොමැති බව දැක ඒ බව පිරිවෙනෙහි හිමිනමක් වෙත දැනුම් දී ඇති බව පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img