Home උණුසුම් පුවත් ගොවියයි ඔටුන්නයි දෙකම රජකමට යන පාරෙන් ඉවතට

ගොවියයි ඔටුන්නයි දෙකම රජකමට යන පාරෙන් ඉවතට

ගොවියයි ඔටුන්නයි දෙකම රජකමට යන පාරෙන් ඉවතට

දේශපාලන පක්ෂවල ලකුණු ලෙස යොදා ගැනීමට වෙන්කර දී ඇති ලැයිස්තුවෙන් ඔටුන්න සහ ගොවියා යන ලකුණු ඉවත් කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක මේ බව දැක්වෙයි.

දේශපාලන පක්ෂ සඳහා අනුමත කර ඇති ලකුණු ඇතුළත් නව ලැයිස්තුව පසුගිය ජනවාරි මස 21 වනදා මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.

එහි දේශපාලන පක්ෂ සඳහා මේ වනවිට වෙන්කර දී ඇති ලකුණුවලට අමතරව පක්ෂ සඳහා ලබාගත හැකි ලකුණු ද සඳහන් කර තිබුණි.

එහි ඇතුළත් වූ ඔටුන්න ලකුණ සහ ගොවියා ලකුණ නව ගැසට් නිවේදනයෙන් ඉවත් කිරිමට පියවර ගෙන ගැනුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here