වහාම නිසි පියවර නොගතහොත් මේ වසර අවසාන වීමට පෙර ඩොලරයේ අගය රුපියල් 300 ඉක්මවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ දිළිඳු ජනග්‍රහණය ලක්ෂ 5 කින් වැඩි වී ඇති බවය.
ශ්‍රී ලංකාවට මේ වන විට අලුත් ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉදිරි ණය ගෙවීම සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශයක් මගිනි.
එම විශේෂ ප්‍රකාශය ප්‍රකාශයක් සිදුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
“ආර්ථිකය තවමත් පිරිහෙනවා. ඩොලර් හිඟය විසදලා නෑ. රුපියලේ හිඟය තවමත් විසදලා නෑ. අද රුපියලේ නියම වටිනාකම වෙලදපොලේ වටිනාකම ඇත්ත වශයෙන්ම ඩොලරයට රුපියල් 250 යි . ඊටත් වැඩියි. මේ යන විදිහට මේක රුපියල 275 ටත් යන්න පුළුවන් . එතැනදී නවත්තගත්තේ නැත්තන් 300ට යනවා අවුරුද්ද අවසාන වෙන්න ඉස්සෙල්ලා .අන්න එහෙම තත්වයක් අපිට තියෙන්නේ ඒ නිසා විශාල හානියක් සිදුවෙලා තියෙනවා. විශේෂයෙන්ම දිළිඳු ජනග්‍රහණය ලක්ෂ 5 කින් වැඩිවෙලා තියෙනවා. තවත් වැඩිවෙන්න යනවා.
මධ්‍යම පන්තිය කඩාවැටිලා අමාරුවෙන් ජිවත් වෙන්නේ .සමහරුන්ට මධ්‍යම පන්තියෙන් පිටවෙන්න සිද්දවෙනවා. ගොවිතැන විනාශ වෙලා .කුඩා හා විශාල ව්‍යාපාරිකයන්ට තමන්ගේ වැඩ කටයුතු කරන්න භාණ්ඩ ලබාගන්න බැරිවෙලා තියෙන්නේ අන්න ඒ ප්‍රශ්නේ තියෙනවා . ඒවගේම ජුනි,ජුලි මාස වෙද්දී අපිට යලිත් ණය ගෙවන්න සිදුවෙනවා. මේ අවුරුද්දේ සම්පුර්ණයෙන්ම ඩොලර් බිලියන 6 ක් ණය ගෙවන්න තිබෙනවා. අපි තාම IMF එක්ක සාකච්ඡා කරලා නැහැ.
ඒ නිසා ජුනි,ජුලි වලට ණය ගෙවන්න අපිට මුදල් හොයාගන්න තිබෙනවා. තවත් අලුත් ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. විදේශ විනිමය විශේෂයෙන්ම ගනුදෙනු බැංකු වලින් ඉවත්වෙලා දැන් කරන්නේ හවාලා ක්‍රමයට හවාලා ක්‍රමය තමයි ඒ වැඩකටයුතු කරන්නේ . ඒ නිසා බැංකු ක්‍රමය අතහැරලා තියෙන්නේ . ඉතින් මෙහෙම ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එන සතියේ IMF සංවිධානයේ ඒගොල්ලොන්ගේ ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තිය යටතේ හැම සාමාජික රටක් එක්කම අවුරුද්දට සැරයක් ඒ ආර්ථික තත්වය ගැන සාකච්ඡා කරලා වාර්තාවක් දෙන්න ඕනේ . ගිය දෙසැම්බර් මාසේ IMF කණ්ඩායම ලංකාවට පැමිණියා . ඒ වාර්තාව එන සතියේ ඉදිරිපත් කරනවා කියල තමයි අපි දැනගෙන ඉන්නේ. එය IMF අධ්‍යක්ෂක මණ්ඩලයෙන් අනුමත කරලා පිටකරන වැඩසටහනක්.
ඒ වාර්තාව ලැබුණු ගමන් අපි කරන්න ඕනේ එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඊටපස්සේ ඒ ගැන අපි විවාදයක් පවත්වමු. එක පක්ෂග්‍රාහී වෙන්න වුවමනා නෑ. මේ තත්ත්වයට කවුද වගකියන්නේ කියල හොයන්න වැඩක් නැහැ. දැන් තියෙන ඒ වාර්තාවේ යෝජනා අනුව අපි සාකච්ඡා කරමු. එතනින් අපි බලමු මේ ගැන පොදු එකඟතාවයකට මුලික ප්‍රතිපත්ති ගැන පොදු එකඟතාවයකට එන්න පුලුවන්ද කියල .අපි එන්න ඕනේ. එය අපේ යුතුකමක්.
මොකද අපේ රටේ තියෙන්නේ එක ජාතික සම්පතයි. ඒ ජාතික සම්පත තමයි තරුණ පරපුර ඉංග්‍රීසි භාෂාවෙන් කියනවනම් MILLENNIALS හා GEN Z. ඔය කණ්ඩායම ගැන අපි හිතන්න ඕනේ . ඒ අයට අනාගතයක් ඇතිකරන්න ඕනේ . දැන් විස්වාසය නැතිවෙලා තියෙන්නේ . ආණ්ඩුව පාර්ලිමේන්තුව ගැන විස්වාසය කඩවෙලා තියෙන්නේ.
එහෙනම් ඒ අයට අනාගතයක් ඇතිකරන්න සැලැස්මක් තියෙන්න ඕනේ . අපිට කෙටිකාලින සැලැස්මකුත් ඕනේ . ඒ වගේම මේක ඉදිරියට ගෙනියන්න මධ්‍යම කාලීනව දීර්ඝ කාලීන සැලැසුම් ඕනේ . මේ සැලසුම් හදන්න අපිට එකඟවුණ එක ආර්ථික රටාවක් තියෙන්න ඕනේ . අවුරුදු 10,15,20 ගෙනියන එක ඒ අපේ යුතුකම . එකෙන් අපිට පැනලා යන්න බැහැ . අපි එතනින් පැනල ගියොත් මේ රටේ තරුණ තරුණියෝ අපිට සාප කරයි. උඹ රටේ අනාගතයත් නැතිකළා අපේ අනාගතයත් නැතිකළා’ කියල අපිට බනී. ඒ නිසා අපිම ඒ වගකීම ඉෂ්ට කරන්න වුවමනායි”