තවත්
    මුල් පිටුවදේශීය පුවත්චමුදිතගේ නිවසට පහරදුන් මැර කණ්ඩායම හැවලො ක් ටවුමට ඇවිත්

    චමුදිතගේ නිවසට පහරදුන් මැර කණ්ඩායම හැවලො ක් ටවුමට ඇවිත්

    මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට පහරදීමට පැමිණි පිරිස ගමන්ගත් වාහනය පිළියන්දල සිට හැවලොක් ටවුන් වෙත පැමිණ ඇති බව මෙතෙක් කර ඇති විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    එතැන් සිට වාහනය ගමන් කළ මාර්ගය මේ වන විට විමර්ශනයේ පවතින අතර ඒ සදහා ආරක්ෂක කැමරා දර්ශන මෙන්ම දුරකතන ජාල විශ්ලේෂණයක්ද සිදුකෙරෙමින් පවතින බව පොලිස් තොරතුරු සදහන් කළේය.

    වෑන් රථයට අමතරව මෙම ප්‍රහාරයට දෙදෙනෙක් පැමිණ ඇත්තේ යතුරු පැදියකිනි. ඒ සම්බන්ධයෙන්ද පොලීසිය සිය විමර්ශනවල අවධානය යොමුකර තිබේ.

    පහරදීමට පැමිණි පිරිස කිසිදු බියක් නොදක්වමින් හැසිරෙන ආකාරයට අනුව ඔවුන් පළපුරුදු අපරාධකරුවන් බවට සැකකළ හැකි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    “එම අපරාධකරුවන් කලබලයක් නැතිවයි හැසිරෙන්නේ. ඔවුන් චමුදිතගේ නිවස පිහිටි ස්ථානය ගැන හොද අවබෝධයක් ඇතිවයි පැමිණ තියෙන්නේ. ඒ නිසා තමයි ඔවුන් කෙළින්ම ඒ නිවස වෙත යන්නේ. අඩුම තරමින් ආරක්ෂක නිලධාරියාගෙන්වත් නිවස තියෙන තැන විමසල නැහැ. ඒ අනුව පැහැදිලි වන්නේ මෙම නිවස ඇති ස්ථානය ගැන යම් අවබෝධයක් ඇතිව තමයි පහරදීමට පැමිණි පුද්ගලයින් පැමිණ ඇත්තේ.“ යැයි එම නිලධාරියා කීය.

    චමුදිත සමරවික්‍රම මහතා මෑතකදී ඔහුගේ යූ ටියුබ් නාලිකාව හා සම්බන්ධකරගෙන සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලද පුද්ගලයෙක් මෙම විමර්ශනයට අදාලව ඉදිරියේදී කැදවා ප්‍රශ්න කිරීමටද නියමිතව ඇතිබව පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඊට මුල්වී ඇත්තේ මෙම ප්‍රහාරය එල්ලවන්නේ එම ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවෙන් පසුව වන බැවිණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img