තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශෙහාන් මාලක අධිකරණ ඇප මත මුදා හරී

    ශෙහාන් මාලක අධිකරණ ඇප මත මුදා හරී

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ පානදුරේදී අත්අඩංගුවට ගත් ශෙහාන් මාලක නැමැති සමාජ සිවිල් සමාජ ක්‍රියාකාරිකයා රුපියල් 15,000 මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

    ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශෙහාන් මාලක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

    එහිදී ශෙහාන් මාලකගේ ගුවන් ගමන් තහනම් කළ අධිකරණය ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසත් සෑම මසකම අවසන් සතියේ ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හා පදිංචිය තහවුරු කරන ලෙසත් නියෝග කර තිබේ.

    පසුගිය වසරේ අගෝස්තු මාසයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා 08 කදී ඔහුව කැදවමින් ප්‍රශ්න කරනු ලැබීය. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති උපදෙස් ඉල්ලා උදෘත යොමුකරනු ලැබීය. ඒ අනුව නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව ශෙහාන් මාලක ඊයේ අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනුයේ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශ මඟින් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තියේ සඳහන් වරදක් සිදුකර ඇති බව නීතිපති තීරණයකර ඇති බවය.

    නැවත මෙයට අදාල නඩුව මාර්තු 29 වෙනිදා කැදවීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img