Home උණුසුම් පුවත් සම්බා අඩුමිලට දෙන්න ඇමති බන්දුල ලෑස්තියි

සම්බා අඩුමිලට දෙන්න ඇමති බන්දුල ලෑස්තියි

සම්බා අඩුමිලට දෙන්න ඇමති බන්දුල ලෑස්තියි
File photo

එළඹෙන අලුත් අවුරුදු සමයේ සිට සම්බා හාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 125ක මිලකට ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“මම දැක්කා අඩුම මිල කියලා සම්බා කිලෝවක් රු 160යි කියලා දාලා තියෙනවා. මම දැක්කා අඩුම මිල කියලා නාඩු රු 125යි කියලා දාලා තියෙනවා. දැන් මේ සතොසට ආවහම මේ තොරතුර දැනගන්න ඕනේ රු 128 ට සුපිරි සම්බා කිලෝවක් තියෙනවා. නාඩු කිලෝවක් රු 105ට තියෙනවා. කැකුළු හාල් කිලෝවක් රු 105ට තියෙනවා.

එතකොට අපි කියන්න ඕනේ ඉතාම ආසානම් රු 160ක් දීලා අර සුපිරි වෙළෙඳසැල් ජාලයෙන් හාල් ගන්න. ඒක ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. හැබැයි අපේ පොදු ජනයා දැන් ඒ 160යි කියන එක රු 128ට සතොසෙත් තියෙනවා. මම ජනතාවට පොරොන්දුවක් දෙනවා අවුරුදු කාලපරිච්ඡේදයේ ඉඳලා ඉදිරියට සම්බා කිලෝවක් අඛණ්ඩව රු 125ට සතොසෙන් ලබාදීමේ වගකීම මම භාරගන්නවා කියන එක මම කියන්න කැමතියි.”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එම අදහස් පළ කළේ ඇල්පිටිය ප්‍රදේශශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here